ඉන්දීය ධීවරයින් 22 දෙනෙකු අත්අඩංගුවට

0
363

ශ්‍රී ලංකා මුහුදු සීමාව ඉක්මවා  ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 22 දෙනෙකු ශ්‍රී ලංකා වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය ප්‍රධාන දූපත ආසන්නයේ මායිම හරහා මසුන් ඇල්ලීම හේතුකොටගෙන අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 14 දෙනා හෙට  දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ සමගම මන්නාරම මුහුදු සීමාවේ මායිම් හරහා ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 8 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබූ බෝට්ටුවක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට මන්නාරම ජල සම්පත් දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කරමින් සිටිනවා.

එම්.මතිවානන්