ඉන්දීය මාධ්‍යවේදිනිය ගේ ඝාතනය විසම්මුතිය නොඉවසීමක් ?

0
84

ඊයේ දිනයේදී තම නිවස ඉදිරිපිටදීම වෙඩි තබා ඝාතනය කෙරුණු ඉන්දීය ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදිනියක් හා සමාජ ක්‍රියාකාරිනියක් වන 55 හැවිරිදි ගෞරි ලංකේෂ් මහත්මියට සිය අවසන් ගෞරවය දැක්වීම සදහා සියගණන් ජනතාව එක්වී සිටිනු දක්නට ලැබිනි. ඇයගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව බදාදා දිනයේදී සිදුවිය.gauri-lankesh-murder-pti_650x400_41504684028

ඇයගේ ඝාතනයට විරෝධය දක්වමින් ඉන්දියාව පුරා විවිධ ප්‍රදේශවල උද්ඝෝෂණ,ඉටිපහන් දැල්වීම් වැනි සිහිකිරීම් පවා සංවිධානය වී තිබෙනු ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කර සිටියා.එම අවස්ථාවන්ට රැස්ව සිටි ඇයගේ මෙම ඝාතනය හෙලාදකිමින්  අදහස් දැක්වූ මාධ්‍යවේදීන්,කතෘවරුන් ඇතුළු ප්‍රධාන පෙලේ ජන නායකයින් කියා සිටියේ මෙම ඝාතනය විසම්මුතිය ඉවසීමට නොහැකි පිරිස් විසින් කල ඝාතනයක් බවයි.

ඇයගේ ඝාතනයට සාක්ෂි සපයන ඇයගේ නිවසේ තිබූ සීසීටීවී දර්ශණවල සදහන් වන ආකාරයට ඇය නිවසට පැමිණෙන අවස්ථාවේදී ඇය ලුහුබැද පැමිනි පුද්ගලයෙකු විසින් ඇයට වෙඩි තබා තිබෙනවා. එම වෙඩි ප්‍රහරවලින් බේරී තම නිවසට ඇතුල්වීමට උත්සහ කල ඇයගේ උත්සහය ව්‍යර්තකරමින් ඇය නිවසේ දොර ඉදිරිපිට ඇද වැටෙනු එම දර්ශන වල සටහන් වී තිබෙනවා. එම වෙඩිතැබීමේදී ඇයට වෙඩි ප්‍රහාර 7ක් එල්ලවී ඇති අතර ඉන් 3ක් ඇයගේ ශරීරයට වැදී ඇති අතර ඉන් එක් වෙඩිල්ලක් වැදී ඇත්තේ ඇයගේ හිසටයි.

ඊයේ දිනයේදී තම නිවස ඉදිරිපිටදීම වෙඩි තබා ඝාතනය කෙරුණු ඉන්දීය ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදිනියක් හා සමාජ ක්‍රියාකාරිනියක් වන 55 හැවිරිදි ගෞරි ලංකේෂ් මහත්මියට සිය අවසන් ගෞරවය දැක්වීම සදහා සියගණන් ජනතාව එක්වී සිටිනු දක්නට ලැබිනි. ඇයගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව බදාදා දිනයේදී සිදුවිය.