ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආසන්නයේ ප්‍රභල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කරයි

0
313

_108166785_mediaitem108166782

මීට සුළු මොහොතකට පෙර ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආසන්නයේ ප්‍රභලත්වය රිච්ටර් පරිමාණ 6.9ක විශාලත්වයෙන් යුතු භූකම්පනයක් සිදුව තිබෙන බව වාර්තා වෙයි.

මේ වන විට භුකම්පනය හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්ථා වී නොමැති අතර සුනාමි තත්වයක් ඇතිවීමට මෙම භූකම්පනයේ ප්‍රභලත්වය ප්‍රමාණවත් වීම හේතුවෙන් එරට වෙරළබඩ ප්‍රදේශවල ජීවත්වන වැසින්ට උස් ස්ථාන වෙත යොමු වන ලෙස ඉන්දුනීසියානු බලධාරීන් දන්වා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි.

මේ වනතෙක් ශ්‍රී ලංකාවට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර නොමැති අතර ඉන්දුනීසියානු රජය සුනාමි තතවයක් සදහා සූදානම් වන බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ