ඉන්ධන සටනේ අවසන් ඉරණම

0
122

P1140579newපෙබ්‍ර 13 වනදා  තෙල් මිළ  ඉහළ දැමීමට විරෝධය  පෑම සදහා  මීගමුව මෙන්ම හලාවත
ධීවර ජනතාව  පාරට පැමිණිම පිලිබදව පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින්
රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේ  මෙම ධිවර විරෝධය  කුමන්ත්‍රණයක් බවත්
ඒ පිටුපස ධීවර වෘත්තීය සමිති නායකයෙකු වන අනුර සහ  ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැදවුම්කරු හර්මන් කුමාර යන    අය සිටින බවයි. ධීවර ඇමතිවරයා පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ
මෙන්ම මාධ්‍ය වලට දමෙම අදහස දිගින් දිගටම ප්‍රකාශ කර සිටියේය. අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය හෙලා දකිමින් අද ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාර්යාලයේදී
පුවත්පත් සාකච්ජාවක්  පැවත්විනි. මෙම අවස්තාවට  හර්මන් කුමාර ,
අරැණ රොෂාන්ත, ගරැ සරත් ඉද්දමල්ගොඩ පියතුමා ,බ්‍රිෙටා ප්‍රනාන්දු,  ලොයෙල් පීරිස්, සහ ශ්‍රී විමුක්ති ධීවර කාන්තා  සංවිධානයේ  නියෝජිතයන් , සහ ධීවර ක්‍රියාකාරිකයන් පිරිසක් සහභාගී වූහ.
මෙහිදී ඔවුන් අවදාරණය කර සිටියේ මෙම ධීවරයින්ගේ විරෝධය , වැඩිකළ භූමිතෙල් මිළ හමුවේ ඔවුන් ට බඩගින්න දරාගැනීමට නොහැකිකම නිසා ස්වභාවිකවම මතුවූ විරෝධයක් බවයි. එමෙන්ම එය ධිවරයන්ගේ  ධීවර රැකියාවට සෘජුවම බලපෑ පහරක් නිසා ඔවුන්ගේ විරෝධය දැක්වීම සාධාරණ හේතු මත සිදුවූ බවයි.

 

P1140593new
P1140588new1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here