ඉපදුණ ගමන් දරුවා එපා නම් තියලා යන්න තොටිල්ලක්

0
98

දරුවාගේ දෙමාපියන් කවුරුන් දැයි අසන කෙනෙක් නැත.
දරුවා එහි තබා යන්නේ කවුරුන්දැයි වීඩියෝ කැමරා මගින් බලන්නේ නැත.
රෝහලෙන් පිටත මෙම ස්ථානය ඇති නිසා පැය 24 ඇතුලත ඕනෑම වෙලාවක දරුවා එහි තබා ගිය හැක.
විනාඩි දහයක් ඇතුළත දරුවා රෝහලේ වෛද්‍යවරුන් හා හෙදියන් විසින් බාර ගනු ලැබේ එවිට දරුවාගේ ජීවිතය සුරක්ෂිතය.

එනිසා මහ මඟ දමා යෑමට හෝ මරා දැමීමට අවශ්‍ය වන්නේ නැත.
1
මෙම ස්ථානය පිහිටා ඇත්තේ මිලානෝ නගර මධ්‍යයේ ඇති “Mangiagalli” නම් ආරෝග්‍ය ආරෝග්‍යශාලාවේ ඇතුල්වෙන ස්ථානයේය.
කිසිම අපහසුවකින් තොරව ඕනෑම අයකුට එහි පිවිසිය හැක.
එහි ඇති කුඩා බොත්තමක් තද කළ විට තොටිල්ල ඇති කොටසේ දොර විවර වේ,
දරුවා එහි තබා නැවත බොත්තම තද කළ විට දොර වැසේ.

ඒ සමගම රෝහලේ ස්ථාන තුනක එලාම් නාද වීමට පටන් ගැනේ:
1 රෝහලේ ළමා අංශයේ වෛද්‍යවරයාට
2 රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට
3 රෝහලේ ආරක්ෂක අංශයට

විනාඩි 10ක් යෑමට ප්‍රථම ඔවුන් පැමිණ දරුවා ලබාගෙන අවශ්‍ය කටයුතු කරති.
ලෝකයේ බොහෝ රටවල මෙබඳු ස්ථාන ඇත.

අනෙක් රටවලට වඩා වර්තමාන ලංකාවේ සියලුම ආරෝග්‍ය ශාලා වල මෙවැනි ස්ථාන ඇති කළ යුතුය.

ඉතා අඩු වියදමකින් මෙම ක්‍රමය මීට වඩා ක්‍රමවත් ලෙස ක්‍රියාත්මක කළ හැක.

පහත සඳහන් සම්බන්ධතා ඔස්සේ මේ පිළිබඳව වැඩි දුර තොරතුරු ලබා ගත හැක www.culleperlavita.it

ඔබ පතන නිර්වාණයට හෝ ස්වර්ගයට මේ මග පසු කොට යා හැකි වේද?


එස්. ඩබ්ලිව්. වන්නිආරච්චි මිලානෝ