ඉරණමඩු වලට පැමිණි රටවිරුවන්ට කුඩම්මාගේ සැලකිලි?

0
370
IMG 20210419 WA0031

විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රිලාංකිකයන්ට අත්දිමින් සිටින ගැහැට වල තරමේ අඩුවක් තවමත් පෙනෙන්නට නැත.
සිය මව්රටට පැමිනිමට ඉල්ලුම් කිරිමේ සිටම ඔවුන් විදින්නට සිදුව ඇති අනේක විධ දුක්කන්දරාව ගැන අපට දිනපතාම අසන්නට ලැබේ.ලංකාවට පැමිණි සදහා කරුන ලබන ඉල්ලිම කඩිනමින් අනුමත කරගැනිමට ඇවැසි නම් ඇතැම් තානාපති කාර්යාලව සිටින අයට යම් මුදල් ගෙවිය යුතු බවද ඔවුහු පවසති

මේ අවනඩුව ඉරණමඩුවේ සිටින රටවිරුවන් පිරිසකගේය.
එහි සිටින 350 කට අධික පිරිස පසුගිය 06 වෙනිදා සහ 07 යන දිනවලදි මෙරට පැමිණිමෙන් අනතුරුව නිරෝධායනය සදහා යොමුකර පිරිසකි.
මේ අයගේ පළමු අත්දැකිමම සැබැවින්ම අමිහිරි එකකි.

අලුයම 5 න් පමණ පසුව කටුනායක ගුවන් තොටුපලෙන් ඉරණමඩු බලා ගිය මේ පිරිස පවසන්නේ දවල් 12 වන තුරුත් කිසිදු ආහාරයක් හෝ තේපානය සදහා හෝ කිසිදු පහසුකමක් නොලැබුන බවය.

ඉන් පසුව මේ අයගේ අවනඩුවට අදාලව කියැවෙන ප්‍රධානතම ප්‍රශ්ණ ගණනාවකි.
ලැබෙන ආහාර වේල්වල ප්‍රමිතිය සැබැවින්ම ගැටලු සහගතය.
අඩුවම තරමින් අවුරුදු දවසේ දුන් කිරිබත් ටික සහ ලුණු මිරිස පවා කිසිදු ප්‍රමිතියක් නැතැයි ඔවුන්ගේ චෝදනාවයි.

එදින දවල් ආහාර ගැනද ඇත්තේ මැසිවිලි ගොන්නකි.
බිමට ගන්නා ජලය රැස්කර තැබුන ටැංකියේ මඩපිරි ඇති බවදැනගන්නේ ඔවුන් විසින් මැදිහත්වි පිරිසිදු ගන්නා විටදිය.
මුලින් දින 10 කින් පසු සිය නිවෙස්වලට යාමට හැකියැයි කියා තිබුන අදටත් එය ක්‍රියාත්මක නැත.

මේ ඇතැමුන් අද වන විට දින 14 ද සම්පුර්ණ කර තිබේ.
සිදුකර ඇති PCR පරික්ෂණ වලද ගැටළු කිපයක්ම ඇති බව ප්‍රකාශ වන අතර දින ගණනාවක් එහි ප්‍රථිපල පමාවිම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ.
කෙසේ වෙතත් වසර ගණනාවක් පුරාවට ශ්‍රිලංකාවට විදෙස් විනිමය සපයා දුන් මේ රටවිරුවන්ට අදාල බලධාරින් සලකන අන්දම ගැන සැබැවින්ම ඇත්තේ බරපතල කළකිරිමක් බව පවසති

IMG 20210419 WA0036
IMG 20210419 WA0035
IMG 20210419 WA0017
වතුර ටැංකිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here