ඉරාජ්ව සිරිමාවෝ බාලිකාවෙන් පැන්නු ඇත්ත හේතුව ?

0
94

namal irajCreated with Nokia Smart Cam

සංගිතවේදි ප්‍රේම් රංජිත් විජේවික්‍රම
සංගිතවේදි ප්‍රේම් රංජිත් විජේවික්‍රම

ඉරාජ් වීරරත්න සහ නාමල් රාජපක්ෂව පසුගිය දිනක සිරිමාවෝ බාලිකා පාසැලෙන් එලවා දැමිමේ සිදුවිම ගැන මේ වන අනතර්ජාලයේ ප්‍රධාන පුවතක් බවට පත්වවෙමින් වේගයෙන් පැතිර යමින් තිබේ.
ඉරාජ් විසින් සිය උම්මා ගිතය ගායනා කිරිමත් සමගින් මුලින්ම පාසැලේ සිසුවියන් පිරිසක් එවන් ගිත අපට එපා යැයි පළමු විරෝධය දක්වා ඇත.
මෙහි මුලිකත්වය ගත් සිසුවිය ඊට පෙර දිනයේ ( 2014 ජුලි 30 )පාසැලේ ගීරසවින්දන වැඩසහනක් සංවිධානය කිරිමට මුල් වු අයෙකි.
ගායන ශිල්පි ජයතිලක බණ්ඩාර සහ සංගිතවේදි ප්‍රේම් රංජිත් විජේවික්‍රම විසින් පැවැත්වු හරසුන් ගිත සහ අරුත්බර ගිත ගැන වු විශේෂ වැඩසහනින් පසු මේ දිනවල ඇසෙන කිසිදු හරයක් නැති ගිත පිලිබදව සුපැහැදිලි අවබෝධයක් ලබා සිටි සිසුවියන් පිරිසක් ඉරාජ්ගේ උම්මා ගිතයට විරෝධය පළකරමින් ඔහුවත් ඔහු සමගින් පැමිණ සිටි නාමල් රාජපක්ෂවත් පාසැලෙන්  එලවා දමා තිබුණි.
පසුගිය දිනක නෙත් එෆ්.එම් ගුවන්විදුලියේ පැවැති අන්ලිමිටඩ් වැඩසටහන සහභාගි වෙමින් ගායන ශිල්පි ජයතිලක බණ්ඩාර පවසා සිටියේ අද තරුණ පරපුර පත්ව ඇති තත්වයට මුලිකවම වගකිව යුත්තේ වැඩිහිටියන් බවය.
අරුත්බර දේ ඔවුන් වෙත ලබා නොදි අද තරුණ පරපුර පත්ව ඇති සංස්කෘතික පරිහානියට ඔවුන්ට පමණක් දොස් පැවැරිම නොකළ යුතු බවය.
අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ජයතිලක බණ්ඩාර පවසා සිටියේ තමන් විසින් එදා අන්ලිමිටඩ් වැඩසටහන් ඔස්සේ මතුකල තරුණ පරපුරට රසවින්දනය ගැන හොද අත්දැකිම් ලබාදිම තුලින් සිදුවු පැහැදිලි වෙනසක් ලෙසින් සිරිමාවෝ බාලිකාවේ අත්දැකිම ගැන කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here