ඉල්ලා අස්වු හේතුව ලක්බිම කර්තෘ හෙළිකරයි….

0
229

6ලක්බිම පුවත් පතේ කර්තෘ සමන් වගආරච්චි මහතා සිය ධුරයෙන් 2014 මැයි 06 වනදා ඉල්ලා අස්විය.
ඊට බලපෑ හේතු පිළිබදව පැහැදිලි කිරිම සදහා විශේෂ මාධ්‍ය සාකච්ජාවක් 2014 මැයි 07 වනදා ශ්‍රි ලංකා පුවත් පත් ආයතනයේදි පැවැත්විණි.
මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව විසින් එය සංවිධානය කර තිබුණි.
මෙහිදි මුලික අදහස් දැක්විම සිදුකළ ලක්බිම පුවත් පතේ හිටපු කර්තෘ සමන් වගආරච්චි මහතා පවසා සිටියේ තමන් විසින් ඉල්ලා අස්විමේ ලිපිය භාර දිම දක්වා වු තත්වය සිදුවිම් මාලාවක් බවය.ආසන්නතම හේතු ලෙසින් අනෝමා රාජපක්ෂ මහත්මියගේ සිටින ජායාරූපයක් සදහා පුවත් පතේ උපකර්තෘවරයෙකු විසින් යොදන ලද සිරස්තලයක් පිළිබදව මතුවු ප්‍රශ්ණය මෙන්ම සජිත් ප්‍රේමදාස මහතා සමබන්ධයෙන් පුවත් පතට නිතර ලිපි සයපන අයෙකු විසින් ලියන්නට යෙදුන ලිපියක්ද බලපාන ලද බව පැහැදිලි කළේය.
සමාන්‍යයෙන් පුවත් පතක පළවන එවැනි ලිපියක් ගැන තමන් එකඟ නොවන්නේ නම් කළයුතු බොහෝ දැ තිබෙන බවත් අවම තරමින් කර්තෘවරයාට කථා කොට විමසුවේ නම් සජිත් මහතාගේ පිළිතුරුද එවැනිම වැදගත්කමක් සහිතව පළකරන්නට තිබුන මුත් ඔහු විසින් තෝරාගෙන තිබුනේ ලක්බිම පුවත්පතේ අයිතිකරු හමුවි මේ ගැන කිමත් ඉන් නොනැවති ආණ්ඩු පක්ෂයේ අය වෙතද දන්වා සිටිමත්ය.
මේ සියල්ල මතින් පැන නැගුණ වතාවරණය තුල මතුව ආ බලපෑම් විසින් පසුබිම සැකසෙමින් තිබුනේ තමන්ට හට තින්දුවක් ගැනිම සදහාය.
මෙම පුවත් පත් සාකච්ජාවේදි මාධ්‍ය සංවිධාන නියෝජනය කරමින් මන්දනා ඉස්මයිල් මහත්මිය ,ධර්මසිරි ලංකාපේලි ,නික්සන්,ලසන්ත රුහුණගේ සහ ප්‍රෙඩි ගමගේ අදහස් දැක්විය.
http://www.youtube.com/watch?v=TPBOQjuG6g8