ඉස්ලාම් දහමට අපහස කළ ශ්‍රිලාංකිකයන්ට එරෙහි ඩුබායි නඩු තින්දුව ජනවාරි 22 !

0
133

 

1-billion-people-logged-into-Facebook-on-Monday-660x400ඉස්ලාම් ආගමට අපහස වන ආකාරයේ ප්‍රකාශ සමාජ ජාල වෙබ් අඩවි හරහා පළ කළ බවට ඩුබායි හිදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව ඩුබායි අධිකරණය හමුවේ අද (11) සලකා බලා ඇත.

ඩුබායිහි සුපිරි හෝටල් සංකීර්ණයක ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටි මොවුන් තිදෙනා පාස්කු ඉරු දින ප්‍රහාර මාලාවෙන් අනතුරුව පසුගිය මැයි මාසයේ ඉස්ලාම් ආගමට අපහස වන ආකාරයේ ප්‍රකාශ ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පළ කර ඇති බවට එම හෝටලයේ සේවකයින් විසින් එරට පොලිසියට පැමිණිලි කර තිබුණි.

ඒ අනුව අදාළ ශ්‍රී ලාංකිකයින් තිදෙනා අත්අඩංගුවට ගැනුනු අතර ඔවුන් නවාතැන් ගෙන සිටි ස්ථානවල තිබී ඔවුන්ගේ ජංගම දුරකතන සහ ලැප්ටොප් යන්ත්‍ර ද විමර්ශන කටයුතු සඳහා පොලිස් භාරයට ගෙන තිබූ බව සඳහන්.

නඩුව අද දිනයේ කැඳවූ අවස්ථාවේ ඉස්ලාම් ආගමට අපහස කළ බවට එල්ල වූ චෝදනා සැකකාර ශ්‍රී ලාංකිකයින් තිදෙනා විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර සිය රට තුළ සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පමණක් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළ බව ඔවුන් ප්‍රකාශ කර ඇත.

අදාළ නඩුවේ තීන්දුව ලබන 22 වැනිදා ඩුබායි අධිකරණය විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මුලාශ්‍රය- අද දෙරණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here