ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් දිනය අදයි..

0
464

ශ්‍රී ලංකාවේ ඇතුළු රටවල රැසක ඉස්ලාමීය බැතිමතුන් අද(22) ඊදුල් ෆිත්ර් හෙවත් රාමසාන් උත්සවය සමරයි.

රාමසාන් යන්නෙහි තේරුම භාග්‍යවත් මාසය යන්නයි.

පුරා මාසයක් දිනපතා හිරු නැගෙන්නට පෙර සිට හිරු බැස යනතුරු නිරාහාරව සිට ඉස්ලාම් බැතිමතුන් උපවාස සීලය රකී.

මෙය ආත්ම දමනය කෙරෙන පුණ්‍ය කාලයක් මෙන්ම අනෙකාගේ බඩගින්න, දුක සහ අවශ්‍යතා තේරුම් ගන්නා කාලයකි.

මේ කාලය තුළ සකාත් හෙවත් දන්දීම් වැඩි වශයෙන් සිදු කළ යුතුයි.

එහි අදහස වන්නේ හැමෝටම අවුරුදු දිනයේ බඩගින්න නිවා ගැනීමට ඉඩ සැලසීමයි.

රාමසාන් මාසය තුළ උදාවන ලයිලතුල් කදිර් නම් රාත්‍රියේ ශුද්ධ වූ අල් කුර්ආනයේ වැකි පහළ වූ බවට ඉස්ලාම් බැතිමතුන් විශ්වාස කරයි.

ප්‍රාර්ථනා ඉෂ්ඨ වන මාසයක ප්‍රතිලාභ අපේක්ෂා කරන ඉස්ලාම් බැතිමතුන් අවුරුදු දිනයේ මළගිය ඥාතීන් වෙනුවෙන් පින්දීම, දෙමාපිය වැඩිහිටියන්ගේ ආශිර්වාද ලබා ගැනීම , ඥාතීන් ,මිතුරන් හා අසල්වැසියන් සමඟ  ආහාරපාන බෙදා හදාගෙන සතුට භුක්ති විඳීම සිදු කරයි.