ඉසිප්‍රියා

0
454

FB_IMG_1573527027568

මේ මළවුන්ගේ මාසයයි
මේ නොවැම්බරයත්
හරිම සීතයි…..!””

සත්‍යය අදත්
මේ බිමේ හරි තිත්තයි
අසත්‍යම
දළු ලා මෝරයි….!!

නුඹව නිරුවත් කර
කෙලෙසූ තිරිසනුන්
වීරත්වයේ කිරුළු පළඳියි…..!!!

බුල් ඩෝසරයෙන් කැනපු
මරණයේ ඔය වල
උඹට සන්තෝෂයි ….!!!!!!””

උඹේ මරණයට එරෙහිව
වදනක් කියාගත නොහැකිව
මැරී-මරී උපදින
අපේ ජීවිත
අපිටමත් හරි අප්පිරියයි……..!!”””””””

අතුල සමරනායක
2019/11 /11