ඊජිප්තුවේ සුළුතර ක්‍රිස්තියානීන් පිරිසකට ප්‍රහාරයක්…

0
108

ඉස්ලාමීය සටන්කාමීන් පිරිසක්  විසින් සිදුකරන ලද ප්‍රහාරයන් හේතුවෙන් ඊජිප්තුවේ වෙසෙන කොප්ටික් ක්‍රිස්තියානි පුද්ගලයන් උතුරු සීනයි පළාතෙන් පලාගොස් ඇතැයි වාර්ථා වේ. ඔවුන් මේ වන විට ඉස්මයිලියා ප්‍රදේශයේ ඉවැන්ජලික පල්ලියක ඇති අනාථ කදවුරක සිටින අතර කොප්ටික් සභාව විසින් මෙම ප්‍රහාරය හෙලාදකිමින් කියා සිටියේ සටන්කාමීන් විසින් බෙදුනු ඊජිප්තුවැසියන් ඉලක්ක කරන බවයි.

ඉස්ලාමීය සටන්කරුවන් විසින් පසුගිය ඉරිදා දිනයේදී නිකුත් කරනලද වීඩියෝ පටවලින් ඉදිරියේදී ඊජිප්තුවේ ජීවත් වන ක්‍රිස්තියානු සුළුතරය ඉල්ලක කර ගනිමින් ප්‍රහාර එල්ලකරන බවද දන්වා ඇත. ඊජිප්තුවේ මිලියන 90ක ජනගහනයෙන් 10%ක ප්‍රමාණයක් පමණ වන ක්‍රිස්තියානීන් පසුගිය කාලය තුල නිරතුරුවම ඉස්ලාමීය සටන්කරුවන්ගේ ප්‍රහාරන් වලට ගොදුරු වී ඇත.

මෑත කාලීනව සිදුවූ ප්‍රහාරයන්ගේ ප්‍රධානතම ඉල්ලකය වී ඇත්තේ සීනයි ප්‍රදේශයි. එම ප්‍රදේශයේ IS සංවිධානයට සම්බන්ද ජිහාඩ් සටන්කාමීන් වෙසෙන අතර කයිරෝ අගනුවරද ඔවුන්ගේ සුලභ ඉල්ක්කයක් වී ඇත. පසුගිය දෙසැම්බර් මාසයේදී ප්‍රධාන දේවස්ථානයට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයන් 25දෙනෙකු ඝාතනය වී ඇත.

ඊජිප්තු මහ පල්ලියට ඒලල වූ ප්‍රහාරය

index

www.bbc.com ඇසුරිණි.