ඊයේ මිගමුවේදි විවෘත කළ දැඩිසත්කාර ඒකකය මාධ්‍ය වලින් වසන් කළේ ඇයි ?

0
87

NGB hospitalමීගමුව රෝහලට ඇදන් 10 කින් යුත් දැඩිසත්කාර ඒකකයක් ඊයේ දිනයේදි විවෘත කෙරිණි. ඒ සදහා සෞඛ්‍ය ඇමතිවරිය පැමිණ තිබුණ බවද වාර්තා විය.තවත් මැති ඇමැත්තෝද වු බව සදහන්ය.
කෙසේ වෙතත් මෙම අවස්ථාව ආවරණය කිරිම සදහා පැමිණ සිටි මාධ්‍යවේදින් හට දැඩි සත්කාර ඒකකයට අනුග්‍රහය දැක්වු ආයතනය විසින් ඉඩ ලබා දි තිබුනේ නැත.
එයට හේතුව කුමක්දැයි යන්නද පැහැදිලි නැත.
මෙම සිදුවිම සම්බන්ධයෙන් මාධ්‍යවේදින් සිය නොසතුට පළකර තිබුණ බවද වාර්ථා වේ.
කෙසේ වෙතත් දැඩිසත්කාර ඒකකයේ විවෘත කිරිම සදහා යන මහල් ගොඩනැගිල්ලට යැමට විදුලි සෝපානයට නැග සිටි මැති ඇැමැත්තන් ඇතුළු ප්‍රභූන් හට ඉන් බැස යන්නට සිදුව තිබුනේ එය ක්‍රියාවිරහිතව පැවැතුන බැවිනි.
මිගමුවේ රෝහලේ මහල් ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුුතු වෙනුවෙන් යහපාලන රජය දැවැන්ත මුදල්  ලබා දි තිබුණද වසර 5 ක් යනතුරුත් එය නිමකරගන්නට අදාල බලධාරින්ට නොහැකිව තිබේ.NGB-hospital-new-buildig-