ඊයේ වැඩිපුරම පාසැල් ඇවිත් තියෙන්නේ පොලිස් මහත්තුරු ???

0
83

පාසල් ආරම්භ කළත් ගුරු – විදුහල්පති සහ දරුවන් වෙනුවට ඊයේ (21 දා) පාසල්වලට වැඩි වශයෙන් පැමිණ සිටියේ පොලිස් නිලධාරීන් සහ අභ්‍යාසලාභී උපාධිධාරීන් කිහිපදෙනකු යැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිං මහතා පවසා ඇතැයි ada.lk වෙබ් අඩවිය වාර්තා කොට තිබුණි.

ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන්, ආණ්ඩුකාරවරුන් ඇතුළු විවිධ පාර්ශ්ව මගින් ගුරු – විදුහල්පතිවරුන්ට තර්ජනය කර බියවැද්දවීම් තුළින් පාසල්වලට ගෙන්වා ගැනීමට උත්සාහ කළත් ගුරු – විදුහල්පතිවරුන් ඒවාට බියනොවී වැඩ වර්ජනය සාර්ථක කිරීමට සහය ලබාදී තිබූ බවද ස්ටාලිං මහතා පවසා තිබේ

මේ අතර පසුගියදා කටාන ප්‍රදේශයේ දේශපාලකයෙකු වැලිහේන පාසැලේ විදුහල්පතිවරයාට 21 වෙනිදා පාසැල් විවෘත නොකලහොත් සිය විදුහල්පතිකමද නැතිවෙනු ඇතැයි කියමින් තර්ජනය කර තිබුණි.

එහෙත් එවැනි තර්ජන ගැන තවත් ප්‍රදේශවලින් වාර්තා වෙමින් තිබුණද තර්ජන පසෙකලා වර්ජන තින්දුව වෙනුවෙන් පෙනි සිටිම නිසා රටපූරාම ඊයේ දිනයේ ගුරු විදුහල්පති වර්ජනය සාර්ථකවි තිබුණි.