ඊෂි කෑස් වලින් මත්කුඩු විකුණු මිගමුවේ 12 ක් පොලිසියට මාට්ටු …..

0
94

horizontal-view-unrecognizable-woman-using-600w-1788456284මත්කුඩු ජාවාරම දැන් මිගමුවේ ජයටම සිදුකෙරෙමින් තිබේ.ඒ සදහා මේ ජාවාරම්කරුවෝ විවිධ නවින ක්‍රම උපයෝගි කරගෙනය.
ඊසි කෑෂ් ක්‍රමය මේ ගණුදෙණුවලදි දැන් ප්‍රධාන මෙවලමක් බවට පත්ව තිබේ.
පසුගියදා මීගමුව පොලිස් කොට්ඨාසය තුළමේ ආකාරයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි දොළොස් දෙනකු  අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙසේ අත්අඩංගුවට ගත් සියලු දෙනාම මීගමුව අවට ප්‍රදේශවල අයවලුන් ලෙස හදුනාගෙන ඇත.,
මේ පිරිස සිය ජාවාරම පවත්වාගෙන යාම සදහා මිගමුවේ විවිධ ස්ථාන යොදාගෙන තිබුණි.
රුක්මනීදේවි සමරු රඟහල සහ රාජපපක්ෂ උද්‍යානය අසල, මේ එක් තිප්පොලකි.
අනික් තිප්පොල සි තිබුනේ අඟුරුකාරමුල්ල පොඩි පන්සල ළඟය.
එමෙන්ම පෙරියමුල්ල කැනල් රෝඩ් පාලම අසල,  මෙන්ම පෙරියමුල්ල මාර්ග සංඥා කණු අසලයමෙයට අමතරව  මීගමුව බස් ඩිපෝව අසල හා කාමච්චෝඩේ පොල අසල ප්‍රදේශයද මේ ජාවාරම්කරුවන්ගේ තිප්පොලවල්ය.
මේ ජාවාරමේ යෙදුනු සියල්ලෝ වයස 28 ත් 35 අතර පසුවන්නෝ වෙති.

මෙම ජාවාරම සඳහා භාවිත කළ ත්‍රීවීල් රථ දෙකක්ද යතුරුපැදි දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here