ඊළඟ මංකොල්ලය බැංකුවක් වූවහොත් ?

0
71

මෑතකදී  මීගමුව පොලීසියේ  සුළු පැමිණිලි අංශය පෙර තිබූ ස්ථානයෙන් වෙනස් කොට පොලීස් කාර්යාලයේම වෙනත්  තැනකට ස්ථානගත කොට තිබේ. එසේ මාරුකර ඇත්තේ අපරාධ අංශය තිබු තැනටය.  මේ පිළිබඳව විමසිල්ලෙන් බැලූ පුරවැසියෙකු මීපුරට කියා සිටියේ  අලුත් ආරංචියකි. එනම් අපරාධ අංශයේ  සවිකර  තිබූ  බැංකු සහ මූල්‍ය ආයතන වල  එලාම් ටික   තවමත් එම ස්ථානයේම තිබෙන බවයි.  ඒ අනුව එලාම් ටික තිබෙන්නේ දැන් සළු පැමිණිලි අංශයේය.
මීගමුවේ බැංකු වල හදිසි තත්ත්වයක් ඇති වුවහොත්  සංඥාවක් දීමට එම එලාම් සවිකර ඇත.
දැන්  තිබෙන  මාරුව අනුව කිසියම් හෝ අත්වැරදීමක් සිදුවුවහොත්  ඉන්  පාඩුවක්ද සිදුවිය හැක.දැන් මීගමුවේ සිදුවන මංකොල්ලකෑම් වල හැටියට ඊළඟට  මංකොල්ලකන්නේ මොන බැංකුව ද කියා කිව හැක්කේ කාට ද?images

 

 

 

 

ඉඉඉ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here