ඊළඟ රැල්ල ගමෙන්ම පටන් ගමු…

0
67

ගෝඨා රනිල් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය හමුවේ දිනෙන් දින ආගධයට යන ජන ජීවිතය ගැන විපක්ෂයේ පක්ෂ වලට කට උත්තර නැති පසුබිමක ,යළි අරගලය පණ ගැන්විය යුතුව ඇත්තේ ගමෙන්ම බව දැන් ඉතා පැහැලිදිය.

පසුගියදා කුපාඩුව පල්ලිය අසලට රැස්ව සිටි කාන්තාවන් පිරිසක් හැලි වලං වලට තට්ටු කරමින් විරෝධතාවයක නියැලි සිටියහ.

ඊට මදක් ඔබ්බෙන් කුඩාපාඩුව පල්ලිය වත්තේ පිරිමින් පිරිසක් සාකච්ජාවක නිරතව සිට ඇත.

කාන්තාවන්ගේ අරගලය මගහැර ගෙදර ගිය පිරිමින්ටද පාඩම් කියා දෙමින් කුඩාපාඩුවේ කාන්තාවන් හා තරුණ දූ දරුවන් ඉතාමත් ජවසම්පන්නව සෑහෙන වේලාවක් තිස්සේ සිය අරගලය ක්‍රියාත්මක කළහ.