උකුස්සාට මීගමුව භාරදිමෙන් මතුවන ගැටළු …

0
73

101112මීගමුවට අමතර ආරක්ෂාව ලබාදිමට ශ්‍රිලංකා රජයේ පොලිසිය අසමත්විම නිසා දැන් ඒ සදහා ව්‍යාපාරියන්ගේ මුදල් මතින් නගරයේ ආරක්ෂාව ලබාදිම සදහා වැඩපිළිවෙලක් අද ඇරඹුණි.
යුද්ධයක් නැති රටක රජයේ අයවැයෙන් තවමත් මුදල් වෙන්කෙරෙන්නේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය වෙතය.
ඒ මේ රටේ ආරක්ෂාව වෙනුවෙනි.
එහෙත් මීගමුව සහ අවට දැන් එහෙම පිටින්ම ආනාරක්ෂිතය.
මේ වෙනුවෙන් පැවැති විශේෂ සාකච්ජාවකදි පසුගිය දිනක තින්දු වුයේ පොලිසියට පමණක් මෙසේ නගරයේ මතුව ඇති ආනාරක්ෂිත තත්වය පාලනය කිරිමට හැකියාවක් නැති බවය.
මේ අනුව අද සිට උකුස්සා වැඩසටහන ක්‍රියාත්මකය.
මේ සම්බන්ධයෙන් දැනටමත් විවිධ විග්‍රහයන් මතුවෙන්නට පටන්ගෙනය

1.දැනට යෝජනා වි ඇති වැඩ පිළිවෙල ගැන ප්‍රමාණවත් සංවාදයක් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව හා සිදුකෙරුණේද යන්න මතුව ඇති පළමු ප්‍රශ්ණයයි. මේ වැඩ පිළිවෙල සදහා මුලිකත්වය ගෙන ක්‍රියාකරනු ලබන්නේ වෝග් ජුවලර්ස් ආයතනයේ අධිපති ඇතුළු තවත් 6 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසිනි.මෙම වැඩසටහන දියත් කෙරුණු අද දිනයේ බහුතරයක් ව්‍යපාරිකයන් මෙම අවස්ථාවට පැමිණ නොසිටිමද විශේෂත්වයකි.

2.පසුගිය කාලය තුල සිදුකරන්නට යෙදුන සියළු මංකොල්ලයන් සදහා යොදාගනු ලැබ ඇත්තේ වේගයෙන් ධාවනය කළ හැකි යතුරු පැදිය.මේ තත්වය යටතේ එකදු යතුරු පැදියක් හෝ නොමැති උකුස්සා ආරක්ෂක ඒකකය වැන් රථ 2 කක් යොදාගනිමින් ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න දැනටමත් මතුව ඇති පැනයකි.

3.මෙම මෙහෙයුම් ඒකකය ක්‍රියාත්මක කිරිමේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින් වොග් ජුවලර්ස් අධිපති තුමා පවසා  ඇත්තේ නගරය තුල කිසියම් සිදුවිමක් වුවහොත් විනාඩි 3 ක් ඇතුලත එහි ලගාවිමට හැකි බවත් සංවාරක කලාපය තුල යමක් සිදු වුවහොත් විනාඩි 5 ඇතුලත එහි ලගාවිය හැකි බවය.
එහෙත් මෙය කොතරම් ප්‍රයෝගිකද??

4.එමෙන්ම මෙම සේවාව 24 පැය සේවවාක් ලෙසින් ක්‍රියාත්මක දැයි තවමත් පැහැදිලි නැත.

5.මෙම වැඩසටහනේ ප්‍රයෝගිකත්වය පිළිබදව මතුවිය හැකි ව ඇති විවිධ කරුණු ද සැලැකිල්ලට ගැනිමේදි රටේ ආරක්ෂාව භාරව සිටින පොලිසිය විසින් කඩිනමින් අවශ්‍ය ප්‍රතිපාදන සපයාගෙන ක්‍රියාත්මක කළ හැකි සැලැස්මකට ඉක්මනින් යායුතුව තිබේ.

ඡායරූප- එම් .ඉසෙඩ් .සහජාන්