උකුස්සොත් අහක බලන මිගමුවේ දුෂිත එන්නත්කරණය .

0
128

රටේ එන්නත්කරණය ගැන මතුව ඇති පුළුල්ම සංවාදය සමාජ කථා බහකට වඩාත් තුඩුදුන් සිදුවිම් පැනනැගුනේ මොරටුවෙන් වුවද ලංකාවේද එදා සිටම අද දක්වා දුෂිතම එන්නත්කරණය ක්‍රියාත්මක වෙමින් ඇත්තේ මිගමුව මහනගර සභාව තුලය.
දෙරණ උකුස්සා නිසා ගාල්ලේ එන්නත්කරණය දුෂිත බව රටහමුවේ යළිත් මතුව තිබුන අතර සෞඛ්‍ය ලොක්කන් දෙදෙනෙකුට ස්ථාන මාරු පවා ලැබුණි.

මිගමුවේ බදු ගෙවන ජනයා පෝලිම්වල සිට එන්නත විදගනින්දි සුපිරි කාර් වලින් මිගමුවෙන් පි ටත සිට පැමිණෙන ලොක්කන් බක්කන් මිගමුව නගරාධිපතිගේ වායුසමනය කළ කාමරය තුලිද එන්නත ලබාගනිති.

දේශපාලකයන්ගේ දුෂණවලට එරෙහිව කටයුතු කරනවා යැයි කියු වෙන්නප්පුවේ සිටි සහකාර පොලිස් අධිකාරිවරයෙකු මෙන්ම මෙන්ම ඔහුව වෙන්නප්පුෙවන් මාරුකිරිමට පියවර ගත් කුප්‍රකට චණ්ඩි ඇමතිවරයෙකුද සිය පවුලේ අයව කැදවාගෙන විත් එන්නත ලබාගන්නේ ලංකාවේ දුෂිතම නගරාධිපතිවරයෙකු යැයි කුප්‍රකට නම් ලබා ඇති දයාන් ලංසාගේ කාමරය තුලදීය

ඊටත් වඩා දෛවයේ සරදමක් තිබේදැයි පිළිතුරු දියයුත්තේ සැබැවින්ම අජිත් රෝහණ විසිනි.

මේ සකලාකාර දුෂණයන් සිදුවෙමින් තිබියදි ඒවා ජාතික මාධ්‍ය වල පුවත් බවට පත්කිරිමට කිසිසේත්ම ඉඩ නොදිමට වගබලාගන්නා කුලිකරුවෝ පිරිසක්ද මිගමුවේ සිටිති.

ඒ නිසා ගාල්ලේදි උකුස්සන් ක්‍රියාත්මක වුවද මිගමුවේදි එය සිදුනොවන ඇයිදැයි දෙරණ ප්‍රවෘත්ති කර්තෘවරයා පවා මේ වන විට දන්වා යැයි අප සිතමු.

උකුස්සන් පවා අහකබලන දැවැන්ත එන්නත් මාෆියාවක් මිගමුවේ ක්‍රියාත්මකය.

වඩාත් විහිළුව නම් පාර්ලිමේන්තුව තුල ආණ්ඩුවේ වැරදි පතුරු ගහන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිලා පවා සිය විරකම් ලංකාවේ දුෂිතම නගරාධිපතිවරයෙකු කාමරයග් තුලදි සිය විරයාව වාෂ්ප කර ගත් හැටි සැබැවින්ම රටම දැනගතයුතුව තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here