උඩංගාව ප්‍රදේශවාසීන්ට සුභසාධක සමිති ශාලාවක්…

0
356
උඩංගාව 1කටාන උඩංගාව ප්‍රදේශවාසීන්ගේ සිත් තුල දීර්ඝකාලීනව පැවති බලාපොරොත්තුව යථාර්ථයක් බවට මල්ඵල දරමින් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය ගරැ හරීන් ප්‍රනාන්දු මැතිතුමන්ගේ පුද්ගලික ලේකම් ,ගම්පහ දිස්ත්‍රීක් එ.ජා.පක්‍ෂ තරැණ වෘතීයවේදීන්ගේ සංගමයේ කලාප අධ්‍යක්‍ෂක ගරැ නිෂාන් ප්‍රනාන්දු පුල්ලේ මැතිතුමන් විසින් සිය ආදරණීය පියාණන් වු නැසිගිය හිටපු පලාත් සභා මන්ත්‍රී නීල් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමන් සිහිවනු පිනිස නීල් ප්‍රනාන්දුපුල්ලේ මරණාධාර සුභසාධක සමිති ශාලාව සිය පුද්ගලික ධනපරිත්‍යාගයෙන් ඉදිකොට ජනතා සුභසිද්ධියට පවරා දෙනු ලැබීය.පසුගිය සැප්තැම්බර් මස 20 දින උඩංගාව ප්‍රදේශයේදි පැවැත්විනි. .. ජාතික ආණ්ඩුව සංකල්ය දිරිමත් කරමින් රට තුල ගොඩනගන ලැබු නව දේශපාලන සදාචාරාත්මක සංහිදියාව පිලිඹිබු කල එකී අවස්ථාවට ප්‍රදේශයේ පක්‍ෂ විපක්‍ෂ පලාත් සභා,ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරැන් සහභාගි වු අතර මෙම ප්‍රජා සේවා වැඩසටහන සාරථක ව ඉටු කිරිමේ සමාජ මෙහෙවරට දායක වූ නිෂාන් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමන්ට හා එම මැතිණියට ද දියණිය ද සිය විශේෂ ස්තූතිය ඵල කරන ලදි.ආගමික පූජකතුමන් ඇතුලු ගම්වාසින් ද සිය ප්‍රසාදය මෙහිදි ඵලකර සිටින ලදි.