වියට්නාමයේ කලාකරුවෙකු වන හන් පෝහන් ඩූ විසින් ඔහුගේ කැටයම් නිර්මාණය පිළිබද කුසලතාව හසුරුවමින් උණ බම්බු වලින් අපූරුවට පුද්ගල රූප නෙලීමක නිරත වෙයි. දැනට වසර 7ක් තිස්සේ මෙම නිර්මාණකරනයේ යෙදෙන ඔහු අතින් බෞද්ධ දර්ශනයට අයත් දෙවිවරු හා ලෝක ඉතිහාසයේ ශ්‍රේෂඨ පුද්ගලයන් නිර්මාණය වී තිබේ.
පහලොස් වියෙහි පටන් ඔහු සතුවූ මෙම කැටයම් නෙලීමේ හැකියාව මුදුන්පත් වී ඇත්තේ
මෙම උණ බම්බු නිර්මාණය සොයා ගැනීමත් සමගිනි. වියට්නාමයේ ‘හොයි ඇන්’ ප්‍රදේශය වියට්නාමයේ ඇති ප්‍රකට උණ බම්බු ඇති ප්‍රෙද්ශයක්. මේ ප්‍රදේශයේ ජිවත්වන ඔහුට දහසක් කැටයම් කරුවන් , හා නිර්මාණකරුවන් අතරින් සිය සුවශේෂි කම සනිටුහන් කිරීමට හැකිවූයේ මේ පිළිම නෙළීම ගැන උපන් සිතිවිල්ලෙන්.
දිනක් උඩහා පළාත්වල ඇතිවූ ගංවතුරට ‘තු බෝන් ‘ ගඟ දිගේ මේ උණ කොට පාවෙලා ඇවිත් ඔහුගේ නිවස ඉදිරියේ ගං ඉවුරේ රැදුනා. මේ දර්ශනය දැකපු ඔහුගේ මනසට මෙවැනි නිර්මාණයක් මේ උණකොට වලින් කළ හැකියි යැයි හැගුනි. එදින ආරම්භ කළ ඔහුගේ මෙ අපූරු කැටයම් කලාවට මේ වන විට වසර 7ක් ගෙවී ගොස් එය නගරයට ඇදෙන සංචාරකයින්ගේ සිත් ඇදගන්නා ප්‍රධාන කර්මාන්තයක් වී තිබෙනවා. ඔහුගේම නිර්මාණ අළෙවිසැලක් තිබෙන අතතර ‘හොයි ඇන්’ නගරයේ අළෙවි හල් බොහෝමයක ඔහුගේ නිර්මාණ දක්නය ලැබෙනවා.
උපුටා ගැනීම -http://www.odditycentral.com