මීගමුව උත්ථානවූ කිතු සමිඳු දේවස්ථානයට සම්බන්ධව ක්‍රියාත්මක වන උත්තානෝචිත කිතුසමිඳු දහම්පාසැලේ දරුවන් , ගුරුවරුන් සහ දෙමාපියන්ගේ මෙහෙයවීමෙන් අදදින (15දා) පොළක් සූදානම් කර තිබින. මේ සඳහා විශාල ජනතාවක් සහභාගීවු අතර 1 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා වූ ශ්‍රේණිවල දරුවන්ගේ විවිධ වෙළඳ භාණ්ඩ අදාල කුටිවල තබා අලෙවි කරන ලදී.කඩොල්කැලේ මීසම්පාලක පියතුමා වන ලක්ප්‍රිය නෝනිස් පියතුමාගේ මැදිහත්වීම මත ක්‍රියාත්මක වන මෙම දරුවන් උදෙසා වූ වැඩසටහන පිළිබදව අදහස් දැක්වූ පියතුමා පැවසුවේ දෙසැම්බර් මස පැවැත්වෙන
දහම් පාසැලේ තෑගි බෙදාදීමේ උත්සවය සදහා අරමුදලක් ගොඩනැගීමේ අරමුණින් මෙම පොළ පැවැත්වූ බවයි.
ඡායාරූප – සැම්සන් ඥානසිරි