උත්සව සමයේ විස්කි බෝතලයක් රේගුවෙන් රු 1500 කට ?

0
99

ආනයනික විස්කි ලීටරයකට රුපියල් 4,000 ක තීරු බද්ධක් පනවන ශ්‍රී ලංකා රේගුව රාජසන්තක කළ විස්කි බෝතලයක් රුපියල් 1,500 බැගින් රේගු මූලස්ථානයේදී එහි සේවයන්ට ඊයේ (17) අළෙවි කර ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කරයි.

රාජසන්තක කළ විස්කි මෙසේ අඩු මිලකට අළෙවි කිරීමෙන් රජයට විශාල පාඩුවක් වීම නිසා ආර්ථික වැටී තිබෙන මෙවැනි අවස්ථාවක රාජ්‍ය ආයතනයක් මෙවැනි දෙයක් කිරීම විවාදයට තුඩු දෙන බවත් මෙය රේගු දෙපාර්තමේන්තුව උත්සව සමයේ පුරුද්දක් ලෙස කරගෙන යන දෙයක් බවත් මුදල් අමාත්‍යංශයේ නිලධාරියෙක් පැවසීය.

කොළඹ කොටුවේ පිහිටි රේගු මූලස්ථානයේ සේවක සේවිකාවන් මුලු පුරවාගෙන විස්කි අද දින රැගෙන ගිය බවත් ඇතැමුන් අඩු මිලට ලබාගන්නා විස්කි රැගෙන ගොස් වැඩි මිලට අළෙවි කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

මේ අතර රටට විදේශ විනිමය ගෙන එන විදෙස්හි සේවය කරන ශ්‍රිලාංකිකයන්ට තම පවුලේ අයට ලබාදිමට අඩුම තරමින් වයින් බෝතලයක් හෝ බඩු පෙට්ටියක දමා එවිමට ඉඩ නොදෙන ලංකාවේ රේගුව සිය සේවයකයන්ට අතදිගහැර නන්තල සමරන්නට විස්කි රු 1500 කට අලෙවි කර තිබිම පුදුම සහගත යැයි මිපුර අමතා කථා කළ ඉතාලියේ වෙසෙන ශ්‍රිලාංකියෙකු කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here