උතුරු,නැගෙනහිරට සජිත් බර නොදැම්මෝත් අර්බුදයක් ?

0
101

sajithtජනපති සටන තවමත් ඇත්තේ ඇල්මැරුණ තැනකය. විශේෂයෙන්ම එය උතුරේ සහ නැගෙනහිරේදි ඉතාමත් මන්දගාමීය.
ජනපතිවරණය මෙන්ම සජිත් ප්‍රේමදාසද උතුරටත් නැගෙනහිර ජනයාගේ ජිවිත වලටත් තවමත් ආගන්තුකය.
පැහැදිලි ගෝඨා විරෝධයක් ඇති උතුරු නැගෙනහිර ජනයාගේ වෙත මේ වනතුරුත් බරක් තබන්නට හංසයාට බැරිව තිබේ.
දකුණු චුන් කරන කථාවලින් හංස වේදිකාව තවමත් රැව් පිළිරැව්  දෙන අයුරු දිනපතාම පැහැදිලිය.
උතුරත් නැගෙහිරත් යනු රජපක්ෂලාට එරෙහිව දැවැන්තම විරෝධයක් සහිත ජනතාවක් දිවි ගෙවන කලාපයකි.
එහෙත් මේ අයගේ විරෝධය කතිරයක් හරහා ප්‍රකාශ කර ගත හැක්කේ ඒ අය ඡන්ද පොළට පැමිණිම තුලම පමණි.
ඒ නිසා ඉදිරි සති 3 න තුල ඒ ගැන හංස පෙරමුණට  ප්‍රධානතම අවධානය යොමුකරගැනිමට නොහැකි වන්නේ ඉතිරි විය හැක්කේ බොහෝ දුරට ඛේදවාචකයක්ම පමණි.