උතුරු ප්රදේශයේ කාන්තාවන් විවිධ අතවරයන් වලටලක්වූ සිදුවීම් එම කාන්තාවන් විසින් පිරිමි පොලිස් නිලදාරීන්ට පැවසීමට මැලිවන බවත්,එම නිලධාරීන් සිදුවීම හාරා අවුස්සින් ප්රශ්ණ කරන්නේ නීතියට අනුව වූවත් ඔවුන් පිරිමි නිලධාරීන් වන බැවින් එම අවස්ථාවන් වලදී කාන්තාවන් අපහසුතාවයට පත්වන බවත් පවසන ඇය තවදුරටත් පවසන්නේ පැමිණිලි ලියාගැනීමේදී පොලිස් නිලධාරීන් දෙමල භාෂාව නොදන්නා නිසා පරිවර්ථන දෝස ඇතිවන අතර එම දෝෂයන් නිසා ඇතැම් අවස්ථාවන් වලදී වැරදිකරුවන් අධිකරණයෙන් නිදහස් වන බවත් ඇමතිතුමිය වැඩිදුරටත් පවසා ඇත.
ඇය මේ අදහස් දක්වා ඇත්තේ චාවකච්චේරි ප්රදේශයේ කාන්තා වැඩසටහනකට සහභාගී වෙමිනි.