මේ ඡායාරූපයේ දිස්වන්නේ මීගමුව – දූව හන්දියේ සිට පිටිපන දෙසට ඇති කලපු තීරුවේ ඇති ස්ථානයක් බොරලු වලින් පුරවා ඇති අකාරයයි. දූව ලෙල්ලමේ සිට දිගටම තැනින් තැන කලපු තීරුව ගොඩකර අනවසර ගොඩකිරීම් මෙන්ම පිරවීම් සිදුකරඇති අතර මේවායේ අයිතිකරුවන් අතර ශ්රි.ල.නි.ප සාමාජිකයෝද සිටිති.
ඡායාරූපයේ දිස්වන මෙම බොරලු පිරවීම සිදුකර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ උතුරු පිටිපන සංවිධායක වන සිසිර නැමැති පුද්ගලයෙකු වන අතර මේ ක්රියාවට ගමෙන් විරෝධතාවයක් මතුවූ බවද වාර්තා විය.
පසුව මාස කීපයක් ගෙවෙන්නට ඉඩහැර එම බොරලු ගොඩවල් පිළිවෙලට මෙම කලපු ඉවුරේ සමතලා කර ඇත.
බොහෝ අය පවසන්නේ දැන් ඉතින් යහපාලනයේ නාමයෙන් UNP කාරයෝත් වැඩ පටන් අරන් කියායි.
කෙසේ හෝ මේ නීති විරෝධී ක්රියාව තවමත් පරිසර පොලීසියෙන් හෝ කලපුවට අදාළ බලධාරීන්ගේ හෝ අවධානයට ලක්වී නොමැති අතර මෙම ස්ථානය ඉදිරියේදී සිසිර නමැත්තාගේ ව්යාපාරික කටයුතු සදහා යොදාගැනීමට සූදානමක් ඇති බව පෙනේ.
2014 වර්ෂයේ දී බැසිල් රාජපපක්ෂ විසින් කලපුව සංවර්ධනය කිරීම වෙනුවෙන් විශාල මුදලක් වෙන්කළ අතර එම සංවර්ධන වැඩ සැලසුම් අතර මෙම කලපු ඉවුරේ ජැටියක් තැනීමට යෝජනාවක් ද තිබුණි.
නමුත් මේ සදහා වෙන්වූ මුදල ඒ වෙනුවෙන් ආයෝජනය කරගන්නට දේශපාලකයින්ට නොහැකි විය.
මෙම ජැටිය සෑදීම වැලකීම පිටුපසද මෙම කලපු තීරුවේ විවිධ අනවසර ඉදිකිරීම් සිදුකර ඇති පුද්ගලයන් සන්ධානයේ පුද්ගලයන් වීම බලපා තිබුණි. කෙසේ හෝ දැන් නැවත ඇතැම් unp පාක්ෂිකයන් සන්ධානයේ අය කළ දේවල්ම අනුගමනය කරමින් සිටින බවට හොදම උදාහරණය මේ කලපු ඉවුරේ කර ඇති අනවසර ගොඩකිරීමයි.
මෙම නීති විරෝධී ගොඩකිරිම මේ වනවිට පරිසර පොලීසියෙන් හෝ, කලපු සංරක්ෂන අධිකාරියෙන් හෝ ඉවත් කළ යුතුව තිබේ. මෙවැනි අවස්ථාවාදී පක්ෂ දේශපාලන සංස්කෘතිය හේතුවෙන් යහපාලනයක් සදහා අවංකව වෙහසෙවූ බර ඉසිලූ සියල්ලන්ගේම මහන්සිය අපතේ යාමට නියමිතය.