spot_img
spot_img
spot_img
Friday, January 17, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
Home Editor's Choice උතුරේ තින්දුවත් සමඟින් කරට කර සටනෙන් ගෝඨා විසිවෙයි !

උතුරේ තින්දුවත් සමඟින් කරට කර සටනෙන් ගෝඨා විසිවෙයි !

0
110
TNAඉදිරි ජනාධිපතිවරණයේ කරට කර පැවැති සටන තිරාණාත්මක ලෙසින් වෙනස් කිරිමට එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් උතුර සහ නැගෙනහිර ඉලක්කොට ගෙන  ක්‍රියාත්මක කරමින් සිටින දැවැන්ත මෙහෙයුම තිරාණාත්මක ලෙසින් බලපා තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ  ප්‍රධානම පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ සහය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ලැබීමත් සමඟ පොදුජන පෙරමුණ පාර්ශවය දැඩි අර්බුදයකට පත්ව ඇති බව  වාර්තාවේ.
ජනපති සටනේ වෙනස ලකුණු කරන තිරාණාත්මක සාධකය උතුරේ සහ නැගෙනහිර ඡන්ද බව සැමගේ විග්‍රහය වි තිබුණද ඒ හැරවුම ක්‍රියාත්මක කිරිමට එජාප නායක  රනිල් වික්‍රමසිංහව හා  ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායකයන් අතර පැවැති සාකච්ජාව ප්‍රධාන වි තිබුණි.
මේ අතර රනිල් වික්‍රමසිංහ අද සහ හෙට දිනයේ නැගෙනහිර ඉලක්කොට ගෙන සිය මෙහෙයුමේ දෙවන අදියර ක්‍රියාත්මක කිරිමට නියමිතය.
මේ අනුව නොවැම්බර් 05 වෙනිදා සවස් වරුවේ එක්සත් ජාතික පෙරමුණේ ජනරැළි 4 ක් ඇමැතිමට නියමිතය.මේ පසුබිම තුල ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ අතර පැවති කරට කර තරගය වෙනස්ව සජිත් ප්‍රේමදාස ඉදිරියට පැමිණ ඇති බවට ලැබී ඇති නවතම මැතිවරණ සමීක්ෂණ වාර්තා වලින් ඉදිරිපත් වෙමින් තිබේ.දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ගෝඨාභය රාජපක්ෂට සහය දක්වන්න  ගාල්ල කරාපිටියේ පසුගියදා  සංවිධානය කර තිබූ ජන හමුවෙන් පසුව පොදුජන පෙරමුණේ නායකයන් රාත්‍රී ආහාරය සඳහා රමේෂ් පතිරණ මන්ත්‍රීවරයාගේ නිවසේදී රැස්ව තිබේ.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමාදාසට අරසුකච්චි පක්ෂය ඇතුළු දෙමල සන්ධානයේ සහය ලැබීම සම්බන්ධව සාකච්ඡාව සිදුකර ඇත්තේ එහිදීය.

තත්ත්වය වෙනස් වෙලා : සජිත් පෙරමුණේ !

තමන් ඉදිරියෙන් සිට ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කළත් මේ වන විට තත්ත්වය වෙනස්වී ඇති බවට වාර්තා වී ඇති බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ එහිදී වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

කාන්තා සනීපාරක්ෂක තුවා නොමිලේ දීම වැනි යෝජනාවක් සජිත් වෙතින් ඉදිරිපත් වනු ඇතැයි තමන් කිසිසේත් අපේක්ෂා නොකළ බවත් එය සමච්චලයට ලක්කරමින් ඊට තම පාර්ශවය ප්‍රතිචාර දැක්වූ ආකාරය වාඩාත් අවාසි සහගත බවත් වාර්තා වී ඇතැයි එහිදී සඳහන් කර ඇත.

නොසිතූ ලෙස සජිත් ජනතා ආකර්ෂණය ලබා ගැනීම හරහා කරට කර සටනක් ලෙස තිබු මෙවර ජනාධිපතිවරණය දමිල පක්ෂ වල සහය සජිත්ට හිමිවීම හමුවේ තවත් පසුබාන තත්ත්වයක් උද්ගතව ඇති බව පෙන්වාදෙන දත්ත සටහන් කිහිපයක්ද එහිදී මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කල බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here