උතුරේ පල්ලි ලෙයින් තෙත් කොට කිලිටි කළ යුගය ගැන දකුණේ කිතුනු සංවිධානවලට අමතක විම අහම්බයක්ද ?

0
437

මේ දිනවල දකු⁣නේ කතෝලික සංවිධාන වලටයි ආගමික නායකයන්ටයි තියෙන ලොකුම ප්‍රශ්ණය මඩු පුද බිමේ දේශපාලනය කතා කිරිම පිළිබද ගැටළුවයි.


ආගමික නායකයින් කිසිවෙකුත් පාක්ෂික විය යුතු නැත.එයට උතුර දකුණ කියා වෙනසක් නැත.

මැකිලාවේලි සිය කුමාරයා නම් වු කෘතියේ සටහන් කර තිබුනේ දේශපාලනය යනු බලය ලබාගැනිම සහ බලය පවත්වාගෙන යාම බවය.ඒ අනුව දේශපාලකයින් සිය දේශපාලනය ක්‍රියාත්මක කරමින් සිටිති.මේ දිනවල උතුරේ ආගමික නායකයන්ට ඇඟිල්ල දිගු කරන විට තමන්ගේ දෙසටද ඇඟිලි තුනක් දිගුව ඇති බව දකුණටද අමතකව ගොස් ඇති සෙයකි.

මඩුපුද බිමද ඇතුලුව උතුරේ දෙව්මැදුරු ලෙයින් තෙත් කරමින් ඒ පුදබිම් වෙඩිවරුෂාවන්ගෙන් සහ ගුවන් ප්‍රහාරවලින් කිලිටිව්ම් ගැන දකුනෙ කතෝලික සංවිධාන වලටත් , කිතුණු නායකයන්ටත් නිනව් නැතිවිම ගැන දැන් බොහෝ දෙනෙකුට අමතකය .සෑබෑ කිතුණුවෙකුට උතුරු දකුණු බේදයක් තිබිය නොහැකි අතර කිතුදහමේ පදනම සහ හරය වන්නේම සැමට ප්‍රේම කිරිමය.

එපමණක් නොව මන්නාරමේ හිටපු රදගුරුතුමන් යුද සමයේදි පවසා තිබුනේ අතුරුදන් ව සිටින පිරිස ලක්ෂයද ඉක්මවන බවය.

එහෙත් එදා එතුමන් සමගින් එකට සිටගෙන මිනිසුන්ගේ ජිවිත පැහැර ගත් දකුනේ පාලකයන්ට එරෙහිවන්නට දකුණ් කිතුණුවන් බහුතරයක් කටයුතු නොකිරිමේ ඉතිහාසයක්ද ඇත.

ඒ ගැන දකු⁣ණේ කතෝලික සංවිධාන හෝ දකුණේ ආගමික නායකයන් ඒ පිලිබදව රාජපක්ෂලාට චෝදනා කරන්නට පෙරට ආවේ නැත.


එමෙන්ම අප අමතක නොකල යුතු තවත් කරුණක් වේ.

එනම් පාස්කු ප්‍රහාරය සැලසුම් කරමින් බලයට ආ රාජපක්ෂලාට ජාතික ආරක්ෂාව සැලසිය හැකි යයි විශ්වාස කලේ දකු⁣ණේ ආගමික නායකයන් මිස උතුරේ ආගමික නායකයන් නොවන බවද මෙහිලා අවධාරණය කළ යුතුව තිබේ.