උතුරේ පීඩනය අමතක කරන දකුණේ අරගලය

0
410

මිගමුවේ ඊයේ උද්ඝෝෂණයක් තිබුනා.ඒ ත්‍රස්ත පණතටත් ,ඒ යටතේ සිරගත කරල තියෙන වසන්ත මුදලිගේලා නිදහස් කරන ලෙසත් ඉල්ලලා.ම්ට කලිනුත් මේ විදියට උද්ඝෝෂණය තිබුණා.

මර්ධනයට එරෙහිව ⁣මේ හඬ වැදගත්.හැබැයි ප්‍රශ්ණයක් තියෙනවා.

ඒ තමයි මේ ත්‍රස්ත පණත යටතේ එදත් අදත් වැඩියෙන්ම පිඩාවට පත්වුන පිරිස ඉන්නේ උතුරෙත්,නැගෙනහිරත් කියන එක.මිට අවුරුදු 35කට ඉස්සරවෙලා උතුරේ තීලිපන් කියන දේශපාලන සමාජ ක්‍රියාධරයා උපවාස කරල මිය යන්නේ මේ ත්‍රස්ත පණටත්,සිරගත කරපු දෙමල දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නත් කියලයි.

දැන් එතකොට අපි බැනර් වල ලියන්න ඕනා වසන්ත මුදලිගේලව විතරක් නිදහස් කරන්න කියලද?

නැ.ත්‍රස්ත පණත යටතේ සිරගත කරල තියෙන තමුන්ව නිදහස් කරන්න කියල ම්ට සති කිපයකට ඉහත දවස් 12 ක් වැලිකඩ උපවාස කරපු දෙමළ සිරකරුවන් නිදහස් කරනු කියල දකුණේ කරන උද්ඝෝෂණ වලට බැනර් එකක් එකතු වෙන්නේ නෑ.ඒ

ඒ ඇයි.දකුණේ අරගල කණ්ඩායම් නැගෙනහිරට පහුගිය දවසක ගිහින් උස්සපු බැනර් වලත් හිටියේ වසන්ත මුදලිගේලා විතරයි.

දකුණේ වමේ කණ්ඩායම්වලට එදත් අදත් නොතිබුන ප්‍රතිපත්ති මුලික දැක්ම නිසා නෙමෙයිද ත්‍රස්ත පණතට එරෙහි අරගලය දකුනේ පිඩාවට පත්වුන තුන්දෙනෙකුට සිමා වුනේ.

දැන් වැඩේ කියන්නේ මිගමුවේ තෙල්වත්ත හංදියේ ඊයේ හැන්දැවේ බැනර් අල්ලන් හිටපු අය අතර උතුරේ මේ පිඩාව ගැන හොඳටම දන්න අයත් හිටිය…

නමුත් දැන් මේක ත්‍රස්ත පණතෙන් දකුණට එරෙහි මර්ධනය කියන ගානට කැපිගෙන යනවා.

මිගමුවේ විතරක් නෙමෙයි,හැමතැනකදිම දෙමළ දේශපාලන සිරකරුවන් ගැන ප්‍රශ්නය අමතක වෙනවා.

ඒ ව⁣ගේම මේ වගේ උද්ඝෝෂණය වලදි වොයිස් කට් දෙන අය බොහෝ දෙනෙකුට මේ රට මේ තත්වයට පත්කරපු රාජපක්ෂ පවුල ගැනත් අමතක වෙනව.

මාධ්‍යවේදීන් 41 එකක් ඝාතනය කරපු ,ජනතාව අතුරුන් කරපු රට මේ තත්වයට ඇදල දාපු ගෝඨාබය ඇතුළු පවුලව අමතක වෙලා යනවා.

ඒ හින්දම දැන් උන් අලුපිහදාලා නැගිටින්න පටන් අරන්.

ඒ රාජපක්ෂ උස්නේ අරන් තමයි පහුගිය මහ සභාවේදි දයාන් ලංසා කියන මදාවි නගරාධිපති වරයා මහසභාවෙිදි ඇත්ත කථා කරපු නාගරික මන්ත්‍රීලට කුණුහරුප කියල බැන්නේ..

මුන් දැන් ආයේමත් පරණ තත්වයට ගේමට එමින් ඉන්නේ..

ගමේ මතුවෙලා එන ඇත්ත ප්‍රශ්ණ ගැන දැන් කව්ද එතකොට කථා කරන්නේ.ඒව කථා කරන්න ඒවට එරෙහිව උද්ඝෝෂණය කරන්න කව්රුත් නෑ.

මේ කෑල්ල දැන් අරගලයට මඟඇරිලා ගිහින්.

ඒ හින්ද තමයි අරගලය ගමේ ජනතා ප්‍රශ්ණ වලට මැදිහත් වෙන අරගලයක් රටපුරා නිර්මාණය විය යුතුව තියෙන්නේ.එහෙම එකක් හැදුනොත් විතරයි රටේ ඇත්ත බහුජන වැඩක් ඉස්සරහට එන්නේ..නැත්නම් ඉතින් අර පරණ සෙට්එකම කෑගහන, වොයිස් කට් දෙන ,එක තැන පල්වෙන එකකට අපි අයේමත් ජන අරගලය කියන බෝඩ් එක එල්ලල අපිම චූන් වෙනවා..

උතුරු නැගෙනහිර ජනයාගේ පිඩාවත්,දකුනේ ගම්වල මිනිස්සුන්⁣ගේ පිඩාවත් ගැන කතා කරන බහුජන අරගලයක් නිර්මාණය විය යුතුව තියෙනව.එහෙම නොවෙන තාක් කල් කොළඹින් නියම කරන සටන් පාඨ අතේ තියන් ඒ කියන දිනවලට පාරට බහින උද්ඝෝෂණය රැල්ලක් බිහිවෙනවා ඇරෙන්න වෙන මුකුත් වෙන්නේ නැ.

පාට පක්ෂ භේදයකින් තොරව අද ඇත්ත පුරවැසියෝ පෙළ ගැහෙන්න ඕනා ඒ හිස් තැන පුරවන්න….