උතුරේ යුද්ධයෙන් පිඩාවට පත් ජනයා බැහැදැකිමට පාප්තුමා යයිද?

0
41

pop 2පාප්තුමන්ගේ ශ්‍රි ලංකා සංවාරය 2015 වසරේ ජනවාරි මසට යෙදි ඇත.සිය පිලිපින සංචාරයට පෙර දින දෙකක් ශ්‍රි ලංකාව සදහා වෙන් කර ඇතැයි වාර්ථා වේ.
පාප්තුමන් පැමිණෙන්නේ නම් උන්වහන්සේ අනිවාර්යෙන්ම උතුරේ යුද්ධයෙන් පිඩාවට පත්ව සිටින ජනයා බැහැදැකිමට එහි යායුතු යැයි උතුරේ ගරු පියවරුන්ගේ මෙන්ම ජනතාවගේද අදහසයි.
මැයි මසට යෙදි ඇති ශුද්ධවු දේශයේ පාප්තුමන්ගේ සංචාරයේදි පලස්තිනය දේශාපාලන නායකත්වය මෙන්ම යුද්ධයෙන් පිඩාවට පත් යුධ අනාථයන් බැහැදැකිමට පාප්තුමන් දැනටමත් සැලසුම් කර ඇතැයි වාර්ථා වේ.
විශේෂයෙන්ම පරම්පාර 3 ක් ජිවත්වන වසර 60 ක් පැරණි සරණාගත කඳවුරක් බැහැදැකිමටද නියමිතය.
පැය 9 ක් තරම් වු පාප්තුමන්ගේ කෙටි සංවාරයේදිත් පාප්තුමන් යුද්ධයෙන් පිඩාවට පත්වුවන් බැහැදැකිමට අමතක නොකළා සේ ලංකාවේ යුධ අනාථයන් බැහැදැකිමට අමතක කරයිද යන ප්‍රශ්ණය මතුව  ඇත්තේ පාප්තුමන්ගේ මේ සංවාරයට ආණ්ඩුවේ බලපෑම එල්ල වන ප්‍රමාණය මත යැයි විචාරක මතයයි.
වසරේ මිනිසා ලෙසින් විරුදාවලිය ලබාගත් ප්‍රැන්සිස් පාප්තුමන්ගේ ප්‍රගතිශිලිත්වය පිළිබද ලිට්මස් පරික්ෂණය බදු වු උතුරේ යුද්ධයෙන් පිඩාවට පත්වුවන් පිළිබද ප්‍රශ්ණය කෙසේ නම් විසදේවිද ???