උද්දච්ච ලොක්කන්ට නොතේරෙන ,සුදර්ශනිලා කියන අර්බුදය

0
65

අත්‍යවශ්‍ය කාරණාවකට හැර නිවසෙන් එළියට නොයන ලෙස රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවගෙන් අද ඉල්ලා තිබුනේ රටේ මුහුණ දි ඇති අර්බුදයේ තරම ඇය මැනවින් වටහා ගෙන ඇති නිසාවෙන් බව මාධ්‍ය හමුවේ ඇය විසින් ඉදිරිපත් කරන්නට යෙදුන අදහස් වලින්ම පැහැදිලි විය.

මේ වනවිට මෙරට රෝගීන් වාර්තා වීම 30%කින් සහ කොවිඩ් මරණ 48.8%කින් ඉහළ ගොස් ඇති බව ඇය පවසා තිබුණි.

මෙහිදී වැඩි වැඩිදුරටත් අදහස් දැක්වු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය,

“මගේ මතය වැඩක් නෑ. තීන්දු ගන්න අය තීන්දු ගනී. නමුත් අවදානමක ඉන්නේ. රටේ ජනතාව ට මම කියන්නේ කවුරුත් රජය කරයි සෞඛ්‍ය අමාත්‍යාංශය කරයි කියලා බලාගෙන ඉන්න එපා. මේ ජීවිතේ වටිනාකම තියෙන්නේ ඔබට. ඔබගේ පවුල ආරක්ෂා කර ගන්න. ඒ නිසා කවුරු ලොක්ඩවුන් කරන කල් නීති දානකල් ඉන්න එපා. තම තමන් ආරක්ෂා වෙන්න දැනගන්න. කිව්ව විදියට සෞඛ්‍ය උපදෙස් ටික පිළිපඳින්න. අනවශ්‍ය ගමන් සියල්ල නවත්වන්න. අනවශ්‍ය සාද ටික නවත්වන්න. අනවශ්‍ය විදියට නෑදෑයෝ බලන්න යන එක නවත්වන්න. මේ කියන්නේ තමා ආරක්ෂා වෙන්න. මේක තමන්ගේ ජීවිතයත් එකක් තියෙන ප්‍රශ්නයක්.”