උද්භිද උද්‍යාන බලන්න විදේශිකයන් එන්නට එපාද ?

0
59
හක්ගල උද්‍යානය
පේරාදෙිණිය උද්‍යානයේ පිවිසුම් දොරටුව
පේරාදෙිණිය උද්‍යානයේ පිවිසුම් දොරටුව

තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාවේ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව වසර 2015 සැප්තැම්බර් 30 දිනට ජාතික උද්‍යාන නැරඹීමට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 2,057,581කි. ඉන් විදේශීය සංචාරකයින් සංඛ්‍යාව 307,074ක් වන අතර දේශීය සංචාරකයින් 1,750,507කි.

මෙම සංඛ්‍යාව පසුගිය 2014 වසර හා සසදන විට දේශීය සංචාරකයින්ගේ සියයට 12%ක වැඩි වීමක් සහ විදේශීය
සංචාරකයින්ගේ පැමිණීමේ සියයට 17%ක වැඩි වීමකි.

හක්ගල උද්‍යානය
හක්ගල උද්‍යානය

මෙම කාලසීමාව තුළ උද්භිද උද්‍යාන වෙත පැමිණි දේශීය සංචාරකයින්ගේ සංඛ්‍යාව 1,764,933ක් වන අතර විදේශීය සංචාරකයින්ගේ සංඛ්‍යාව 307,074ක් වෙයි.

සංචාරකයන් උද්‍යාන වෙත පැමිණීමෙන් වසර 2015 සැප්තැම්බර් 30 දිනට ලැබූ ආදායම දේශීය වශයෙන් රුපියල් මිලියන 69.2කි. විදේශිකයන්ගෙන් ලැබුණු ආදායම රුපියල් මිලියන 325.8 කි. ඒ අනුව සමස්ත ආදායම රුපියල් මිලියන 395.0ක් වෙයි.
මේ සියළු තොරතුරු අනාවරණය කර තිබුනේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් එළි දක්වන්නට යෙදුන වාර්තාවකය.

හක්ගල උද්‍යානයේ ප්‍රවේශපත් මිළගණන්
හක්ගල උද්‍යානයේ ප්‍රවේශපත් මිළගණන්

තතු එසේ වුවද උද්භිද උද්‍යාන නරඹන්නට පැමිණෙන විදේශිකයන්ගෙන් අයකරන මුදල රු 1100 සිට 1500 දක්වා වැඩිකිරිමට ඇති සුදානමක් ගැන සංවාරක මගපෙන්වන්නන් විසින් කියා සිටි.
තවදුරටත් ඔවුන් කියා සිටින්නේ සංචාරයකයන් ගෙන්වා ගැනිම රජයේ එක් උපාය මාර්ගයක් ලෙස පෙරට ගෙනඑමින් තිබුනද උද්භිද උද්‍යානවලදි මෙන්ම අන් බොහෝ තැන්වලදිද ඒවාට ඇතුළුවිමට ඇති මිළගණන් විසින් සිදුකරමින් ඇත්තේ විදේශිකයන් අධෛර්ය කිරිමක් බවය.
ඡායා සහ සටහන -සුජායිල් මුනියර්