උපකාරක පන්ති ගැටුමකින් තවත් සිසුවෙක් රෝහල් ගත කරයි.

0
96
ඡායාරූපය - අන්තර්ජාලයෙනි
ඡායාරූපය - අන්තර්ජාලයෙනි
ඡායාරූපය – අන්තර්ජාලයෙනි

බෝලිං ක්‍රිඩා කරමින් සිටින විට ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් 19 හැවිරිදි සිසුවෙකුට පුටුවකින් පහරදී උස්සා පොළවේ ගැසීමෙන් බරපතල හානි සිදුකලායැයි චෝදනාව මත පුද්ගලික අධ්‍යාපන ආයතනයක සිසුවෙකු ලබන 10 වනදා දක්වා රිමන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කර ඇත.

මෙම පහර දීම නිසා පහරකෑමට ලක්වූ සිසුවාගේ කොදුඇටපෙලට හානිසිදුවීදැයි සෙවීම සදහා වෛද්‍යපරීක්ෂණ පැවැත්වෙන බව බම්බලපිටිය පොලීසියි විසින් ඊයේ (04) දිනයේදී අධිකරණයට දැනුම් දුණි. එහිදී මහේස්ත්‍රාත්වරයා සදහන් කර සිටියේ මොවුන් තවමත් සිසුන් වන නිසාත් පහරකෑමට ලක්වූ සිසුවාගේ කොදුඇටපෙලට හානියක් සිදුවී ඇත්නම් ඔහුට මිලකල නොහැකි පාඩුවක් වන බැවින් පහරදුන් සිසුවා රක්ෂිත බන්ධානාගාර ගතකිරීඹට නියෝග කරන බවයි.