උපනගරාධිපති සේපාල මොරවක බලය ඉක්මවා කටයුතු කරලා – නාගරික මන්ත්‍රි ප්‍රදීප් පීරිස්

0
196

පසුගිය ජුලි 06 වැනිදා පැවති මීගමුව මහා නගර සභාවේ ජුලි මස මහා සභා රැස්වීමේදී විපක්ෂනායක රොයිස් විජිත ප‍්‍රනාන්දු මහතා විශේෂිත යෝජනාවක් සභාවට ඉදිරිපත් කර තිබිණි. එලෙසම මෙම යෝජනාව පසුගිය ජුනි මස මහා සභාවටද විපක්ෂනායකවරයා විසින් ඉදිරිපත් කර විවාදයට ගැනුනු අතර විවාදය අතරතුර මතු වූ කරුනක් වුයේ එම යෝජනාව කිසිදු මංතී‍්‍රවරයෙකුගෙන් ස්ථීර නොවු බවය. ඒ නිසා එම මහා සභා රැස්විමේදී එම යෝජනාව තීන්දුවක් නොදුන් යෝජනාවක් බවට පත් වු හෙයින්  එදින මුලසුන සිටි වැඩබලන නගරාධිපතිවරයා වූ සේපාල මොරවක උප නගරාධිපතිවරයා එම යෝජනාව සම්බන්ධයෙන් වු විවාදය ඉදිරියට කර ගෙන යාමට ඉඩ ලබා නොදුන්නේය. ඒ අනුව විපක්ෂනායක වරයා මෙවර එනම් ජුලි මස මහා සභා රැස්වීමට එම යෝජනාව නැවත ඉදිරිපත් කර මෙවර මහා සභාවේ න්‍යාය පත‍්‍රයටද එය ඇතුලත් කර තිබිනී.
එම යෝජනාවෙන් ප‍්‍රකාශ වුයේ මීගමුව ගී‍්‍රන්ස් පාරේ වරිපනම් අංක 104-ඒ දරණ ස්ථානයේ ඇති රහීමියා හෝටලය ඉදිකිරීමේදී ඒ සදහා එම්.ඒ.ආර්.නිවාස් යන අය ඉදිරිපත් කළ  බීඒ/49/2007 යන අයදුම් පත‍්‍රයට අනුමැතිය ලබා දීමේදී නාගරික සංවර්ධන අධිකාරියේ සහ මහා නගර සභාවේ ඉදි කිරීම් රෙගුලාසි වලට පටහැනිව කටයුතු සිදු වී ඇති බවයි. එලෙසම එම ඉඩමට යාබද මීගමුව නගර සභාව සතු ඉඩම් කොටසක්ද ඉහත කී අයදුම් කල තැනැත්තාටම අයිතිකර ගන්නට මෙම අයදුම්පත අනුමත කල බලධාරීන් පිරිස ඉඩ සලසා ඇත. මේ චෝදනා පිලිබදව පරික්ෂා කර බැලීමට කමිටුවක් පත් කිරීමටත් එම කමිටුවෙන් ලබා ගන්නා වාර්තාව පරිදි වැරදි දුෂන අක‍්‍රමීකතා කර ඇති හා ඒවාට හවුල් වුවන්ට දඩුවම් ලබා දිය යුතු බවද එම යෝජනාවේ වැඩි දුරටත් සදහන්ව තිබිණි.
මෙම යෝජනාව මෙවර මහා සභාවට ඉදිරිපත් කිරීමටත් පෙර මුලසුනේ සිටි වැඩ බලන සේපාල මොරවක උප නගරාධිපතිවරයා සදහන් කලේ මෙම යෝජනාව පසුගිය මහා සභා රැස්වීමටද ඉදිරිපත් කර එය යෝජනාවක් ලෙස ස්ථීර නොවු බැවින්  එදින එය සභාව තුල විවාදයට ගැනීමට නොහැකි වූ බවයි. ඒ නිසා නගර සභා අඥා පනත් වල සදහන් ප‍්‍රකාරව ඉදිරිපත් කල යෝජනාවක් නැවත මෙවැනි මහා සභාවකට ඉදිරිපත් කල හැකි වන්නේ තවත් මාස 06 කට පසුව බවද වැඩ බලන නගරාධිපතිවරයා එහිදී  සදහන් කලේය. එනිසා මෙම යෝජනාව මේ මහා සභාවට ඉදිරිපත් කිරීමට ඉඩ දිය නොහැකි බව  ද ඔහු වැඩි දුරටත් අවධාරනය කලේය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මීගමු මහා නගර සභාවේ මංති‍්‍රවරයෙකු වන ප‍්‍රදීප් පීරීස් මහතා පවසන්නේ මෙම යෝජනාව සභාවේ විවාදයට ගැනීමට ඉඩ නොදීම වැඩ බලන නගරාධිපතිධුරයේ කටයුතු කරන උප නගරාධිපතිවරයා තමන්ට පැවරී ඇති බලතල ඉක්මවා කටයුතු කිරීමක් බවයි. ඔහු වැඩි දුරටත් ඒ පිලිබදව මෙසේ පැවසීය.
‘‘ ශී‍්‍ර ලංකාවේ ඇති මහා නගර සභා 19 යේ පරිපාලන කටයුතු සිදු විය යුත්තේ මහා නගර සභා අඥා පනත යටතේයි. ඊට අමතරව තියෙනවා මහා නගර සභාවක මහා සභා රැස්වීම් සහ කාරක සභා රැස්වීම් කටයුතු විධිමත්ව කරගෙන යාම සදහා නීති රීතී රෙගුලාසි සියල්ලම දැක්වෙන සම්මත අතුරු ව්‍යවස්ථාවක්. එම සම්මත අතුරු ව්‍යාවස්ථාවනුකූලව නගරාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව යම් නාගරික මංතී‍්‍රවරයෙකු ගෙන එන යෝජනාවක් නීති විරෝධී කියා නගරාධිපතිවරයා අදහස් කරයි නම් එවැනි යෝජනාවක් නා්‍යය පත‍්‍රයට ඇතුලත් නොකල යුතු යැයි නගර සභා ලේකම්වරයාට හෝ ලේකම්වරියට නගරාධිපතිවරයා විසින් නියෝග කල යුතුයි. එලෙස නියෝග කල පසු ඒ පිලිබදව යෝජනාව ඉදිරිපත් කල නාගරීක මංතී‍්‍රවරයාට ලේකම් විසින් ඒ බව ලිඛිතව දැනුම් දිය යුතුයි. දැන් මෙතනදී සිදු වුනේ පසුගිය ජුනි මස මහා සභාවට මෙම යෝජනාව ඉදිරිපත් කල විට එය මංතී‍්‍රවරයෙකුගේ ස්ථීර කිරීමක් සිදු නොවුන නිසා එය විවාද කිරීම අඛන්ඩව කර ගෙනයාමට ඉඩක් ලැබුනේ නැහැ. හැබැයි ඊට පසු රෝයිස් මංතී‍්‍රතුමා විසින් එම යෝජනාව නැවත ජුලි මස මේ මහා සභාවට ඇතුලත් කරන්න කියලා නගරාධිපති හර්මන් කුරේරා මහතා ගෙන් ඉල්ලීමක් කෙරුවා.  ඒ ඉල්ලීම අනුව මෙම යෝජනාව නීතී විරෝධී නොවන යෝජනාවක් නිසා නගරාධිපතිවරයා එය ලේකම්තුමිය හරහා  ජුලි මස මහා සභා න්‍යා්‍ය පත‍්‍රයට ද ඇතුලත් කළා.

නගර සභාවක සම්මත අතුරු ව්‍යාවස්ථාවේ ‘‘ 13- ඇ ’’ කියන කොටසේ දක්වා තිබෙනවා, මංතී‍්‍රවරයෙකු ගෙනෙන යෝජනාවක් නීති විරෝධී ලෙස නගරාධිපතිවරයාට නම් කල හැකි අවස්ථා 02 ක් පිලිබදව.  ඉන් පළමු අවස්ථාව තමයි නාගරික මංත‍්‍රීවරයෙකු  ගෙනෙන යෝජනාවක් තුලින් ගෙනහැර දක්වන කරුණු සභාවේ පරිපාලන කටයුතු වලට බල නොපානවා නම් එය නිතිවිරෝධී යෝජනාවක් ලෙස නම් කල හැකියි. ඒවාගේ ම දෙවැනි අවස්ථාව තමයි, කල්දී ඇති යෝජනාවක් මහා සභාවට ඉදිරිපත් කරලා මාස 06 ක් ඇතුලත එම යෝජනාවට සමාන යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා නම් එයද නගරාධිපතිට නිතී විරෝධී ලෙසට නම් කල හැකියි. හැබැයි මේ යෝජනාව ගිය මාසේ මහා සභාවේදී තීන්දුවක් නොදුන් ඒ කියන්නේ සම්මත යෝජනාවක්ද සම්මත නොවු යෝජනාවක්ද කියා තීන්දුක් ලැබුනේ නැහැ. ඒවාගේම එය නීති විරෝධී නොවන යෝජනාවක් නිසා තමයි ඒක මෙවර මහා සභාවේ න්‍යාය පත‍්‍රයට ඇතුලත් කිරීමට හර්මන් කුරේරා නගරාධිපතිතුමා නගර සභාවේ ලේකම්වරියට නියෝග කලේ.
මෙහිදී අපිට හොදින්ම පෙනී යන දෙයක් තමයි මේ යෝජනාව මහා සභාවේදී ඉදිරිපත් කරනවාට එය විවාදයට ලක් වෙනවාට මහා නගර සභාවේ ආන්ඩු පක්ෂය අකමැතියි. මේ යෝජනාවේ අන්තර් ගත වෙන්නේ මේ නගර සභාවට අයත් ඉඩම් සම්පතක් අනිසි විදිහකට වෙනත් අයෙකුට භක්ති විදින්නට ඉඩ සැලැස්වීම. එය තනිකරම ප්‍රශ්ණනයක්. මහා නගර සභාවට අයත් දේපල සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන ප්‍රශ්ණනයක්. මෙම දුෂණයට හේතු වූ නිලධාරීන්ව හෙලිදරව් වෙලා ඒ අයට දඩුවම් ලැබෙනවාට ආන්ඩු පක්ෂය අකමැතියි. ඒ බව තමයි අපිට මේ සම්බන්ධව සිදු වුන මේ කී‍්‍රයාදාමය තුලින් මනාව පැහැදිලි වුනේ. අනිත් එක තමයි මෙතනදී වැඩබලන නගරාධිපතිවරයා ලෙස උප නගරාධිපති සේපාල මොරවක මහතා තමන්ට හිමි බලතල ඉක්මවා යාමක් තමයි මේ තුලින් පිලිඹිබු වෙන්නේ . එතුමා එලෙස කි‍්‍රයා කල ආකාරය ගැන නීරීක්ෂනය කීරිමේදී මේ ඉඩම් ප්‍රශ්ණනය සම්බන්ධයෙන් එතුමාටද ඉන් යම් ප‍්‍රතිලාභයක් ලැබී ඇතිද ? යන සාධාරණ සැකයත් අප තුළ පැන නගිනවා ’’.P1080783 new