( 3.30 pm ) 2025 පළාත් පාලන මැතිවරණය සදහා මිගමුව මහනගර සභාවට තරග කිරිම සදහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර 4 ක් ඊයේ දිනයේ ප්‍රතික්ෂේප වි තිබුණි.
සර්වජන ඡන්ද බල පක්ෂය, එජාපය සහ තවත් ස්වාධින කණ්ඩායම් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේප වි තිබුණි.
මේ සම්බන්ධයෙන් කරන ලද විමසුම් වලදි දැනගන්නට ලැබුනේ අපෙක්ෂකයන්ගේ උප්පැන්න සම්බන්ධයෙන් මතුව තිබුන ගැටළු හේතුවෙන් මෙම ප්‍රතික්ෂේප විම් සිදුව ඇති බවය.
මේ ගැන ප්‍රතිපක්ෂෙප වු අය කියා සිටියේ නාම යෝජනා ඉදිරිපත් කිරිම් වලට අදාල විස්තර දක්වා තිබුන පත්‍රිකා වල උප්පැන්න සහතික පිටපත් යනුවෙන් සදහන්ව තිබුණ බවත් මේ අනුව මුල්පිටත්ද ඡායා පිටපත්ද යන්න ගැන පැහැදිලිව සදහනක් නොතිබුන බවත් මේ හේතුවෙන් ඡායා පිටපත් රැගෙන ගොස් තිබුන අයගේ මෙන්ම ලැමිනේට් කරන ලද උප්පැන්න පිටපත් රැගෙන ගොස් සිටි අයගේ නාම යෝජනාද ප්‍රතික්ෂේප වි ඇති බවය.
මේ සම්බන්ධයෙන් බොහෝ අය අධිකරණය හමුවට යන බවද කියා සිටියහ.
මේ අතර එජාප සමාජ ක්‍රියාකාරිකයෙකු සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා තිබුනේ අධිකරණයට යන බවය.