උප්පැන්න හා මරණ ලේකම් කාර්‍යාලය ජනතාව නොමරා මරයි. ? ( විඩියෝ )

0
77

IMG-20200121-WA0013

උප්පැන්නයක් හෝ මරණ සහතිකයක් ගැනීම සඳහා විශාල කාලයක් කා දමන බවට තොරතුරක් ලැබී මීගමුව රෝහලේ උප්පැන්න සහ මරණ ලේකම් කාර්‍යාලයට ගියේ එහි සත්‍ය අසත්‍ය පිළිබඳව විමසා බැලීමටය. එය ඇත්තකි. එකිනෙකා තෙරපෙමින් තමන්ගේ අවශ්‍යතාව තඉටුකරගැනීම සඳහා නොඉවසිල්ලෙන් සිටින මිනිස් සමූහයක් දැකිය හැකි විය .
ඇයි මේ?
කිරි දරුවෙකු අතදරා සිටි එක් මවකගෙන් මා විමසා සිටියෙමි . ඇය ඊට පිළිතුරු දෙමින් . ” මම මාස 4 ක් තිස්සේ උප්පැන්න සහතිකේ ගන්න ආවා , නමුත් තවමත් මට ඒක ගන්න හැකිවුණේ නෑ. ”
තවත් අයෙක් ප්‍රකාශකළේ මාස 5 ක් තිස්සේ යන එන නමුත් තවම එය ලබාගත නොහැකි වූ බවයි .තවත් තරුණ මහතෙකු ප්‍රකාශකළේ තමන් මාස 9 ක් තිස්සේ මේ සඳහා රස්තියාදු වන බවයි . ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ගොස් නියම එක ගන්න කිව්වත් ,මුල් එක තවම නොදුන් නිසා තවම ඒ සඳහා රස්තියාදු වන බවත්, මේ මෙම ස්ථානයට පැමිණි 12වන වාරය බවත් ඔහු පැවසීය .
රෝහලේ සේවක මහත්මියක් තමාගේ අත්දැකීමක් ලෙස දක්වමින් තමාගේ දරුවාගේ උප්පැන්න සහතිකය තවමත් නොගත් බවයි . එසේම පොඩි අකුරක් හෝ වැරදුණු විට මේ අය මිනිසුන්ගේ ඇඟට ගොඩවෙන බව ඇය පවසයි .
[21/01, 5:59 pm] Sam Dilog: මේ සඳහා යම් කැපකිරීමක් කළ යුතු බවට කිසිදු තර්කයක් නැත . නමුත් අප මෙම වගකිවයුතු නිලධාරීන්ගෙන් විමසා සිටින්නේ මාස ගනනාවක් තිස්සේ මේ අසරණ ජනතාව රස්තියාදු කරවන්නේ ඇයිද? යන ප්‍රශ්ණයයි. මෙතරම් ප්‍රමාද වීමට බලපාන කාර්‍යාලීය හෝ වෙනත් හේතු තිබේද ? යන්නයි. මෙම තත්වය වෙනස් කර ගැනීම සඳහා යම් ක්‍රමවේදයක් ඇත්තේම නැතිදැයි අප ඔවුන් ගෙන් විමසා සිටිමු .