උයන් පල්ලා

0
260

උයන් පල්ලේක්  
හෙලන දහඩිය
උරන්  හැදුනට
කිසිදු උයනක
මලක් කිව්වද
මලට පියකරු
රුවක් දෙන්නට
උයන්පල්ලා
වින්ද දුක ගැන

බොහෝ මල් වල
රුව පෙනෙන්නේ
කපා දැම්මොත්
වටේ වල්පැළ

නිල්ල තණ මත
කරට අත දා
ගන්න පොටෝවට
කවුද කෙරුවෙ
ආරාධනාවක්
උයන්  පල්ලට

උයන් වතු ගැන
කතා කරන සඳ
ගසුත්  මල් ගැන
මිස  කවුද පිදුවේ
උයන් පල්ලේක්
නමට හරසර

 ඒ නැතැ යි
 නොවී පසුබට
 හෙටත් ඇවිදින්
උයන්  පල්ලා
 හදා වඩයි
 උයනේ මල් පැල

උයන් පල්ලේක්
වින්දේ සතුටක්
උයනෙ ගස් වල
පිපෙන මල් ළඟ

හිල්මි සුපුන්