උසස් පෙළත් ඉවරයි ! විභාග වංචාවක් සිදුකළ මිගමුවේ විදුහල්පති පියතුමා තවමත් නිදැල්ලේ ?

0
91

fr.jayantha-5විභාග දෙපාර්තමේන්තුව නීති දෙකක් ඇතිවා සේය. ඇස්පනාපිටම දැවැන්ත විභාග වංචාවක් සිදුකළ මිගමුව සා.මරියා විදුහලේ විදුහල්පති පියතුමා වන ජයන්ත වික්‍රමසිංහ තවමත් නිදැල්ලේය.
වෙනත් පළාත් වලදි විභාග වංචා සිදුකළඅය වැඩ තහනමට ලක්කොට කඩිනම් පරික්ෂණ සිදුවෙමින් තිබියදි මිගමුවේ විදුහල්පති පියතුමාගේ පරික්ෂණ ඉබි ගමනට පත්ව ඇත්තෙ එතුමාට ඇති කුප්‍රකට දේශපාලන සම්බන්ධතා නිසාදැයි ගුරු වෘත්ති සමිති ව්‍යාපාර පවා ප්‍රශ්ණ කරති.
ජයන්ත වික්‍රමසිංහ පියතුමා විසින් සිදුකර ඇති මේ බරපතල වංචාව ලංකා ඉතිහාසයේ විදුහල්පති පියතුමෙක් විසින් මේ දක්වා කර ඇති ලැජ්ජාසහගතම වංචාව ලෙසින් දැනටමත් ඉතිහාස ගතව තිබේ.
ඔවුන් විසින් ලෝගුවකට කළ හැකි උපරිම අවමානය සිදුකර ඇතැයි නම සදහන් කිරිමට අකැමැති පියතුමෙකු මිපුරට පවසා සිටියේය