උසස් පෙළ හැදෑරීමේදී පාසලට නැවතත් ආධාර මුදල් ගැනීම නීත්‍යානුකූලද?

0
215

DSC03146රජයේ  පාසල් වලට දරුවන් ඇතුළත් කර ගැනීමට මුදල් අය කර ගැනිම නීත්‍යානුකූලව තහනම් වන අතර එය ක්‍රියාවට නැංවීමට කාලයක් පුරා නොහැකි විය. නමුත් දැන් වර්තමාන රජය යටතේ පාසල් ළමුන් ඇතුළත්කර ගැනීම සදහා මුදල් අයකිරීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත් අතර සමහර පළාත්වල මෙය අකුරටම ක්‍රියාත්මක වූ බවත් වාර්තා විය.
මීගමුවේද බොහෝ ජාතික පාසල් වල  මෙම තත්ත්වය තවමත් වෙනස් නොවී පවතින අතර ළමුන් ඇතුළත් කරගැනීමේ සිට උසස් පෙළ කිරීමේදී ද නැවත පාසලට ආධාර මුදලක් එකතු කරනු ලබයි.  මිගමුව විජරත්නම් මහ විදුහලේ ද උසස් පෙළ කිරීම සදහා පසුගියදා පාසලේම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් නැවත ආධාර මුදලක් එකතු කර ඇති අතර දෙමාපියන් පවසන්නේ පාසලේම සාමාන්‍ය පෙළ සමත්වූ දරුවන්ගෙන් එසේ අයකිරීම අසාධාරණ බවයි.  මෙම ආධාර මුදල පාසල් සංවර්ධන කමිටුව මගින් අයකරගන්නා බවද ඔවුන් පවසති. තත්ත්වය මෙසේ තිබියදී මීගමුවේ රජයේ පාසල් ලෙස සැලකෙන මෙම පාසල් වලින්  දරුවන්ගෙන් මුදල් අයකිරීම සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා ඇතුළු  නිලධාරීන්  නීතිමය ක්‍රියාමාර්ග නොගන්නේ ඇයි ද යන්නද තවත් ගැටළුවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here