උස පනින උෂාන්ට රන්ජන්ගෙන් අතහිත !

0
195
මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන් බිහිවූ තවත් දක්ෂ ක්‍රිඩකයෙකු වු  උෂාන් තිවංක ක්‍රීඩකයාට අවැසිව තිබු ක්‍රිඩා පාවහන් යුගයලයක් ලබාගැනිම සදහා අවැසි මුදල් ලබාදිමට  නි අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඉදිරිපත් තිබුනේ මාරිස්ටෙල්ලා විදුහලේ පැවැති ආදි සිසුන්ගේ හමුවක් අතරතුරදිය.
උෂාන් පිළිබදව නියෝජ්‍ය ඇමතිවරයාගේ අවධානයට යොමුකර තිබුනේ lankaabcnews.com වෙබ් අඩවිය විසිනි.

 

 මෙම වෙබ් අඩවිය තවදුරටත් මේ පුවත වාර්තා කර තිබුනේ මෙසේය.
…..දේශපාලකයන් බොහොමයක් තම ගමත්, පාසලත් අමතක කරන යුගයක තම පාසලේ දක්ෂ ක්‍රීඩකයෙක් වෙනුවෙන් ඉදිරිපත්වීම අගය කල යුතුය.අප වෙබ් අඩවියේ පුවත දැකීමෙන් පසු  අප වෙබ් අඩවිය අමතා උෂාන්ට උපකාර කිරීමට කැමැත්ත පලකිරීම සම්බන්ධයෙන් නැවත වරක් අපගේ ප්‍රණාමය පුද කරමි. එම ක්‍රීඩකයාට අවශ්‍ය ඉදිරි උපකාරද සිදු කිරීමට ද  නි. අමාත්‍ය වරයා ඉදිරිපත්වන බව මෙහිදී ප්‍රකාශ කරන ලදී. 
  
දැනට මෙරට උස පැනීමේ ඉසව්ව තුළින් කරලියට එන උෂාන් ගේ දෙමව් පියන් අබාධිත යන්ය දෙදෙනාම පෝලියෝ රෝගයෙන් පෙළෙති. උෂාන් සහ දෙමව් පියන් ජීවත් වන්නේ මහබාගේ පිහිටි පෝලියෝ මධ්‍යස්ථානය තුළය .උපතින්ම තමන්ට උරුම කල අබාධය තම එකම දරුවාට මහත් බාධක රැසක් එල්ල වී තිබුණි.දෙපා වරු නැති තමන්ට දෙපා වාරුවෙන් ලෝකය ජයගන්නට සුදානම් වන දරුවා මහත් අස්වැසිල්ලක් වී ඇත..

උෂාන් ඔබ දිනක ලෝකය ජයගෙන අපේ රටට කීර්තියක් අත්පත් කරදෙන්න සියලු ශක්තිය ලැබේවා කියා අපි ප්‍රාර්ථනය කරන්නෙමු.ඒ වෙනුවෙන් ඔබට ශක්තියක් වන්නට අප නිරතුරු බැදී සිටින්නෙමු.

 

මාරිස්ටෙලා අාදි සිසුන්ගේ හමුවේ මෙවන් අගනා මතකයන් ජනයා අතරට ගෙන යාමට lankaabcnews.com වැනි කටයුතු කරද්දි  පොදුජන පෙරමුණට සැමදා ආවඩන වෙබ් අඩවියක් කටයුතු කර තිබුනේ මේ අනගි ආදි සිසු හමුවේ කුණු රසය ඔසවා තබන පච බේගල් පතුරුවා හැරිමට කටයුතු කිරිමය.එනම් රන්ජන් රාමනායකට එහි සිටි අය හුකියා එලවා ගත් බව කියැවෙන පුවතක් පළකරමින් ගොන් ආතල් එකක් ගැනිමය.
එහිදි එවැන්නක් සිදුනොවුන බවට සාක්ෂි එහි ගොස් සිටි මාධ්‍යවේදින් විසින්ම සනාථ කොට තිබියදි අදාල වෙබ් අඩවිය සහ තවත් පත්තරකාරයන් පිරිසක් මේ ගැන ඒ පැත්තකවත්  පච ගොන්නක්  සටහන් තබා තිබුණි.