ඌවේ ඡන්දෙට ගිය මීගමුව නගර සභා වාහන ?

0
38

බස්නාහිර පළාත් සභා  අමාත්‍ය නිමල් ලන්සාට බාරවී ඇති පස්සර  ඡන්ද කොට්ඨාශ වල ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මීගමුව මහ නගර සභාවේ කොලපාට කැබ් රථය හා කුලී පදිනම මත ගෙන ඇති තවත් වාහනයක් රියදුරන් ද සමගින් සති දෙකකට ආසන්න කාලයක තිස්සේ පස්සර ජන්ද වැඩ සඳහා යොදවා ගනිමින් ඇත.
මෙම වාහන දෙකෙන් එකක්  ඊයේ රාත්‍රියේ දී පැමිණ ඇති අතර අනෙක් හයිඒස් වාහනය කුලී පදනම මත කුරණ පුදේශයෙන් ගෙන ඇති වාහනයකි. එම වාහනය ගෙන ඇත්තේ  මීගමුව නගර සභාවේ  වැඩකටයුතු වෙනුවෙන් වන අතර ඒ සදහා කුලී ගෙවන්නේ මීගමුව මහ නගර සභාවේ බදුමුදල් වලිනි. ජනතාවගේ බදුමුදල් වලින් ලබාගන්නා පොදු දේපළ එක්සත් ජනතා සන්ධනයේ ජයග්‍රහණය වෙනුවෙන් පමණක් යොදා ගැනීම නීතිවිරෝධී මෙන්ම ජනතා විරෝධීය,සදාචාරවරෝධීය.
නමුත් මේ සඳහා විරුද්ධ වීමට නගර සභා පාලනයේ කිසිවෙකුත් මේ වනතෙක් සමත්  වී නැත.

පසුගිය කාලයේ පැවති බස්නාහිර පළාත් සභා ඡන්දයේදී  ද මීගමුව මහ නගර සභාවේ වාහන සහ සේවකයන් මුළුමනින්ම යොදවා තිබුණේ බස්නාහිර ඡන්ද ප්‍රචාරක වැඩ වෙනුවෙනි.
222