එකම බස් රථයට අනතුරු දෙකක් – එක් අයෙක් මරුට

0
258

යාපනය – නුවර ඒ 9 මාර්ගයේ අලිමංකඩ පාලම අසලදී අනතුරට පත්ව තිබූ බස්රථයක අද (12) යතුරු පැදිකරුවකු ගැටී මියගොස් ඇතැයි කිලිනොච්චිය පොලිසිය පවසයි.

කොළඹ සිට යාපනය බලා ධාවනය වු සුඛෝපභොගී බස් රථයේ එහි රියදුරුට අලිමංකඩ පාලමේ ගැටී අනතුර සිදුව තිබු අතර එම බස්රථය කිලිනොච්චිය රථවාහන නිලධාරීන් විසින් ඉවත් කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් යතුරුපැදිකරු බස්රථයේ ගැටී මියගොස් ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය.

මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ යාපානය ,පේදුරුතුඩුව පදිංචි ක‍්‍රිශ්ණරාසා අන්නලිංගම් නැමති 65 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරති.

1

2

3

 

උපුටාගැනීම – http://www.lankadeepa.lk