රට තුළ ජාතිවාදී අදහස් සමාජගත කිරීමට උත්සාහ කරන පුද්ගලයින්ට කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක කන්තලේදි කියල තිබුණා
ජනාධිපති මේ වෙලාවේ ඉර පැනල එයාගේ පක්ෂෙට ඡන්ද එකතු කරන්න ලොකු සටනක් දෙනවා . ඇත්ත එයා බය ඇති ජනපතිවරණයේදි වගේම පාර්ලිමේන්තු මැතිවරණයේදි ලැබුන ඡන්ද ප්‍රතිශතයට වඩා අඩුවෙන් ලැබුනොත් ඒක බරපතල අවුලක් හින්ද .
කන්තලේ රැස්විමේදි ජනපති අනුර කියල තිබුනේ දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ඇතැම් දේශපාලන කණ්ඩායම් ජාතිවාදය මතු කිරීමට උත්සාහ දරමින් සිටිනව කියලයි .
ඇත්ත .
එහෙම එකක් තියෙනවා
හැබැයි ජනපති අනුර තේරුම් ගන්න ා ඒයාගේම පක්ෂේ බිමල් වගේ අය බටලන්ද ගැන මාර උනන්දුවකින් කැගහමින් ජාත්‍යන්තර සහය අරන් හරි රනිල්ව කොටු කරනව කියල කියන කොට මේ රටේ දමිල බස කථා කරන ජනතාවට මොනවද හිතෙන්නේ කියල.
ලක්ෂ ගානක් යුද්දෙන් බැටකාපු පසුබිමක ඒ ජනතාව මරණයට දක්කපු අයත් ජනපති අනුරලගේ ආණ්ඩුවෙමත් ඉන්න කොට යකෝ බිමල් කියනව රනිල්ට ගේම දෙන්න ජාත්‍යන්තර සහය හරි ගන්නවලු.
බිමල් ඇයි ඔයාට කියන්නේ බැරි ලක්ෂ ගාණක් දෙමල මිනිස්සු මරපු රාජපක්ෂලාව නිතිය ඉදිරියට ගේන්න දමිල ජනතාව ජාත්‍යන්තර මැදිහත්විමක් ඉල්ලන එක සාධාරණයි කියල,අපිත් ඒකට සපොට් කරනවා කියල
බෑ මාලිමාවට එහෙම කියන්නේ බැ.
මොකද විශ්‍රාම රණවිරු සෙට්යෙ එක ඉන්නේ ඒයාල ඒක්ක නියෝජ්‍ය ආරක්ෂක ඇමතිත් ඇතළුවම .
තනිකරම එක ජාතියකට එක විදියකටත් අනික් ජාතිය නොසලකා හැරිමත් කියන කාරණයම තමයි ,තව විදියකට කිව්වොත් ජාතිවාදය පාවිච්චි කිරිමක් තමයි .
දැන් මේක අනුරට තේරෙන්නේ නැද්ද ?
තේරෙනවා. නමුත් එයාත් බබා පාට් දාල අපි නම් ජාතිවාදයට විරුද්ධයි කියල බොරු ෂෝ දානව .
ඔතන පච ෂෝ නැති ඒකම මිනිහ තමයි ලාල් කාන්ත.
බි.ආර් ප්‍රනාන්දු
සීදුුව