එකම ලොවක් , ඉරණම් දෙකක්

0
242

   සරණාගතයින් යනු තමන් ජීවත් වන තත්වයට වඩා  උසස් තත්වයක් සොයා තම භූමිය, රට හැර වෙනත් භූමියක් සොයා යන පුද්ගලයන්  වේ. අප ජීවත් වන පෘතුවිය තුල ඇති රටවල් හී සංවර්ධනය අනුව  කලාප දෙකකට වෙන් කර ඇත.එනම් සංවර්ධිත රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් ලෙසය.මානව සංවර්ධන දර්ශකය අනුව 2014 වර්ෂයේ ඉහලින්ම සිටින රටවල් 05 වන  නොර්වේ,ඇමරිකා එක්සත් ජනපදය , ඔස්ට්‍රේලියාව , ස්විස්ටර්ලන්තය  හා නෙදර්ලන්තය  වේ. පහලින්ම සිටින රටවල් 05 වන නයිජීරියාව , කොන්ගෝව , චැඩ් හා මධ්‍යම අප්‍රිකා ජනපදය යන රටවල් වේ. ශ්‍රී ලංකාව වේගයෙන් සංවර්ධනය වන රටක් සැටියට දර්ශකයේ 73 වන ස්ථානයේ පසුවෙයි. ශ්‍රී ලංකාව මෙම දර්ශකයට අනුව ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටී.  වර්තමාන ලොකයේ සංවර්ධිත රටවල් බොහෝමයක් යුරෝපා සංගමය නියෝජනය කරන හා යුරෝපා මහද්වීපයේ පිහිටියි. ඒ වගේම සංවර්ධනය මන්දගාමී රටවල් අප්‍රිකානූ මහද්වීපයේ පිහිටයි.

මේ වන විට යුරෝපය මූලිකවම මුහුණ දෙන ගැටලුවක් බවට සරණාගතයින්ගේ ගැටලුව හැදින්විය හැක. විශේෂයෙන්ම මන්දගාමී සංවර්ධනයක් පෙන්නුම් කරන  අප්‍රිකානූ හා දකුණු ආසියාතික රටවල් වලින් යුරෝපයට නීතීවිරෝධීව  සංක්‍රමණය වන  පුද්ගලයින් නිසා යුරෝපයේ ආර්ථීක හා ආරක්ෂාවටත් තර්ජනයක් වී ඇති බව පැහැදිලිය.
නීතීවිරෝධි සංක්‍රමණික මාර්ග අතර මුහුදු මාර්ග විශේෂ තැනක් ගනී. විශේෂයෙන්ම යුරෝපයට සංක්‍රමණය වීම සඳහා මධ්‍යදරණී මුහුද යෙදාගෙන ඉතාලියේ සිසිලි දූපතට ලගා වේ. මීට වසර කිහිපයකට පෙර ඉතාලියට පැමිනී ශ්‍රී ලාංකීකයින්ද අප්‍රිකාව හරහා මධ්‍යධරණී මුහුද ඔස්සේ ඉතාලියට සංක්‍රමණය වී ඇත.

 මීට වසර කිහිපයක සිට ඉතාලියේ සිසිල වෙරළ තීරයට  දිනෙන් දින   සරණාගත  යාත්‍රා ඇඳී ආවේය… ඒ අතර ගොඩ ගසන මළ කඳන් නිසා ලිබියාව හා සිසිලිය අතර මුහුද සොහොන් කොතක් ලෙස හැදින්වීය. පමණට වඩා පිරිසක් බෝට්ටුකින් පැමිණීම නිසා සිදුවන මරණ අතේ ඇගිලි වලින් ගණන් කළ නොහැක.  පසුගිය අවුරුදු 06 ඇතුලත යුරෝපයට සංක්‍රමණය වන සංක්‍රමනිකයන් 30% ද  වැඩි  වී  ඇත.

මෙම පැමිණෙන පිරිස අතර බොහෝමයක් අප්‍රිකානු ජාතිකයන්ය. ඉන්දියාව බංගලාදේශය, ඇෆ්ගනිස්ථානය යන රවටල් වලට අයත් පුද්ගලයන්ද මෙම සංක්‍රමණිකයන් අතර වෙයි. මානව සංවර්ධන දර්ශකයේ පහලින්ම සිටින නයිජීරියාව , එරිත්‍රියාව, ඉතියෝපියාව , ඝානාව හා තවත් අප්‍රිකානු රටවල් වල බොහෝමයක් වෙයි. මොවුන් බොහෝමයක් ලිබියාවට පැමින ලිබියාව හරහා බෝට්ටු මගින් සිසිලි දූපත වෙත ලගා වේ. බොහෝමයක් අප්‍රිකානුවන් පැවසුවේ තම රටවල් වල ඇතිවී තිබෙන සිවිල් යුද වාතාවරණය නිසා තමන් රටින් පිට වූ බවයි . තවත් සමහරක් ක්‍රිස්තියානී වන අතර  ආගම්වාදය හා මුස්ලීම් අන්තවාදී ත්‍රස්තයින්ගේ  පීඩන වලට ලක්වන බවයි.කෙසේ හෝ වසර ගණනාවක සිට විවිධ හේතුන් මත ඉතාලියට මෙම පිරිස් ඇතුලු වුණී. පසුගිය ජනවාරියේ සිට මෙතෙක් 20000  කට ආසන්නය.
ඒ වගේම මේ ගමන් අතරවාරයේ  මියයන පිරිසද සුලුපටු නොවේ.
ලම්පෙදූසා දූපතට හා රගුසා,  සිරකුසා යන සිසිලියේ මායිම්ව පිහිටි වෙරළට ගොඩගසන මිනිවලින් එය කිව හැකිය.illegal20migration201

මෙසේ ඉතාලියට පැමිනි සංක්‍රමනිකයාන්ගේ අදහස් විවිධය. ඔවුන්ගේ පැමිනීමට හේතුද විවිධය. බොහෝමයක් සංක්‍රමනිකයින් තරුණයන් වේ. මැදි වයස පුද්ගලයන්ද සුලුතර කාන්තාවන්ද දැකිය හැකිය. එක් තරුණයෙකුගෙ අදහස් විමසීමේදී ඔහුගේ අරමුණ ඉතාලි ජාතික කාන්තාවක් විවාහ වී ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීමටය.තව කෙනෙකුගේ අරමුණ වූයේ ඉතාලිය හරහා උතුරු යුරෝපයේ රටකට සංක්‍රමණය වීමය. බොහෝමයක්ගේ අරමුණ කෙසේ හෝ නීත්‍යානූකූලව යුරෝපයේ විසා ලබා ගැනීමය.

මෙම සංක්‍රමිකයන්ගේ ගැටලුව විවිධ කෝණයන්ගෙන් බැලිය හැකිය.මෙම ගැටලුව ආරම්භක සමයේදි ඉතාලි ජාතිකයා තුල තිබුනේ අනුකම්පා සිතුවිල්ලකි.එනම් ආගම්වාදය  නිසා කන්න නොමැතිව රටින් පලා ආ අහිංසකයන් නිසාය. නමුත් මෙම ගැටලුව උග්‍ර වී ඇති මේ අවස්ථාවේ ඉතාලී ජාතිකයන්ට කලු සමක් ඇති සෑම පුද්ගලයම එපා වී ඇත. එයට හොදම උදාහරණය දිනක්  ශ්‍රි ලාංකීකයෙකු බස් රථයෙහි ගමන් කරන අතරවාරයේ ඉතාලි ජාතිකයෙකුගේ කෙනෙහිලි වදන් වලට ලක්විය. අප්‍රිකානු ජාතිකයෙකු කියා ඔහුට බැන වැදිනි.නමුත් ඔහු ඉතාලි බස හසුරුවන භාෂාව තේරුම්ගත හැකි තැනැත්තෙකි.මෙසේ බැනීමට හේතුව වූයේ ඔහුගේ සමේ වර්ණයත් කලු පැහැති නිසා ඉතාලි ජාතිකයා සිතුවේ මොහු අප්‍රිකානු ජාතිකයෙකු කියාය.මෙයින් පෙනී යන්නේ කලින් අනුකම්පා මේ වන විට භූමිකම්පා වී ඇති බවය.මෙයට හේතූ වූ කාරණා රැසක් ඇත. ඉතාලි රජයට හා යුරෝපා හවුලට මොවුන් වෙනුවෙන් අධික වියදමක් දරන්නට විනි.ආහාරපාන ,සෞඛ‍ය, වාසස්ථාන, ගමන් පහසුකම් හා පොකට්  money ද  රජයෙන් සැපයිනි. මේ අතරවාරයේ මෙම බෝට්ටු හරහා ආ ත්‍රස්තවාදීයෙකු යැයි සැක කල පුද්ගලයෙකුද සිටි බව පුවත් වාර්ථා විය. හන්දියක් හන්දියක් ගානේ  සිඟාකන යාචකයන් ද  වැඩි විය. සමහරක් ඔවුන්ගේ ආහාර ඉල්ලා උද්ඝෝෂන කලේ නිකන් කන්න දෙන දේත් අගයක් නැති නිසාවෙනි.
මේ වන විට තත්වය එන්න එන්නම දරුණු  වී ඇත.

මෑතකදී යුරෝපා පාර්ලිමේන්තුව ගත් තීරණයකට අනුව මෙම සංක්‍රමණිකයන් යුරෝපයට එමට වලකින ලෙස ඉතාලි අද්මිරාල්වරයෙකුගෙන් යුත් නාවික බලඇණියක් මධ්‍යධරණී මුහුදේ ස්ථානගත කෙරුනි. එහි යුරෝපා සංගමයට අයත් රටවල් වලින් හමුදා නැව් යෝදවා ඇත.

එකම ලොවක් , ඉරණම් දෙකක්

  සිදුවන දේ  පැහැදිලිය. සැමගේ බලාපොරොත්තුව තමන් ජිවත්වන තත්වයකට වඩා උසස් තත්වයකට යෑමය. දිනෙන් දින ඇඳී එන සරණාගතයින්ගේ අධිෂ්ඨානයද එයය. විවිධ හේතුන් මත හෝ යුරෝපයට පැමින තම ජීවිත ස්ථාවර කර ගැනිමට ඇති පිපාසයයි. අද රජ වී සිටින ධනවාදී රටවල් එදා අප්‍රිකානු මහද්වීපය සූරා කෑවේය. සම්පත් මෙන්ම මිනිස් ශ්‍රමයද එහි විය. එම නිසා සරණාගතයින් ලෙස මෙසේ පැමිනෙන ඔවුන්ටත් මෙහි උරුමයක් ඇත්තේය.IMG_2960
දිල්ශාන් තිසේරා
10979415_863949186961007_1891462900_n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here