එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කවුන්සිලයේ ස්ථාවරයට ආරක්ෂක ලේකම් එකඟවෙයි..?

0
88

සමාජ වෙබ් අඩවි භාවිතා කරමින් ජාතිවාදි හා ආගම්වාදි ගැටුම් වර්ධනය වන ආකාරයෙන් ප්‍රචාර ගෙන යන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී තිබෙන බව.infosrilankanews වෙබ් අඩවිය සදහන් කර සිටි.
පසුගිය දිනක අප විසින් වාර්තා කර සිටියේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වර්ගවාදය ගැන පැවැති විශේෂ සැසියකදි ජාතිවාදය සහ වෛරිත්වය වපුරන අන්තර් ජාල භාවිතයන්ට එරෙහිව රටවල් ගණනාවක්ම සිය අදහස් පළ කළ බවය.එක්සත් ජාතින් මානව හිමිකම් කවුන්සිලයේ වර්ගවාදය පිළිබදව එහි විශේෂ නියෝජිතයා විසින් ජුනි 24 වන දා ඉදිරිපත් කරන ලද විශේෂ වාර්ථාව පදනම් කොට ගෙන මෙම සැසිය පැවැත්විණ.
අවාසනාවකට මෙම සැසියට පැමිණ සිටි ශ්‍රි ලංකා නියෝජිතයන් මේ සැසිය ගැන කිසිදු උනන්දුවකින් කටයුතු නොකළ බවද අප හෙළි කළෙමු.UN 2014

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here