එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඇමරිකාව ඉවත්වෙයි.

0
151
රටවල් 47 කින් සමන්විත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට ඇමරිකාව තීරණය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්ථා කරන්නේ කවුන්සිලය පක්ශග්‍රාහී ලෙස කටයුතු කරන බව පවසමින් ඇමරිකාව මෙම තීරණය කර ඇති බවයි.
විශේෂයෙන් ඊශ්‍රායලය සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සෑහිමකට පත්විය නොහැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධාන අමෙරිකා නියොජිත නිකී හේලි සඳහන් කර ඇති අතර දීර්ඝ කාලයක සිට කරුණු අධ්‍යනය කිරිමෙන් පසු මෙම තීරණයට එළඹීමට තීරණය කල බවද ඇය සදහන් ඇකි බව සදහන් ය.