එක රටක් නීති ගොඩක් ! ජනපතිගේ තහනම් මල

0
511
gotabhaya rajapaksha 545 696x392 1


ලංකාව තුල නීතිය යන්න වත්මන් පාලනය තුල අරුත් ගන්වනන්නේ රාජපක්ෂ පාලනයට සහ මහජාතියට අවැසි පිළිවෙලටය.
රාජපක්ෂලාගේ අය කරන සියල්ල හරිය . නීතියට ඒකගය. මහජාතිය මෙන්ම සිංහල බෞද්ධ නායකයන්ද කරන කියන දැ හරිම හරිය .
මඩකලපුවේ අංගම්මන සුමන මොන පිස්සුවක් කෙලියද නිතිය සාමය රකින්නට සිටින පොලිසිය මැජික් බලනවා සේ අංගම්මන දිහා බලා සිටිනවා හැරෙන්නට අත්අඩංගුවට ගැනිම් හෝ බාධා කිරිම් නැත.

ඒහෙව් රටේ වෙනත් ජාතියක ආගමක අයෙකුට කවියක් පවා ලිවිම මාස ගණනක් සිරගතවිමට නිමිත්තකි.
තමන්ට අහිමිවුන අදරැතියන් සිහිකර මලක් පුජා කිරිමද තහනම්ය.

බෝ කොලයක් සහිත ඇදුමක් විකුණු කඩයකට පැන අංගම්මන සුමන පිස්සු කෙලිද්දි පොලිසිය කලේ කුමක්ද ? තතු ඒසේව තිබියදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණය නිමිත්තෙන් ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට, රටට සහ ජනතාවට ආශිර්වාද පළ කරමින් ඊයේ (19) පස්වරුවේ අනුරාධපුර, ඓතිහාසික රුවන්වැලි සෑ රඳුන් අභියස ආශිර්වාද පිංකමක් පැවැත්වුණ අවස්ථාවේ රුවන්වැලි සෑයට තහනම් මලක් පුජා කර තිබිම ගැන මේ දිනවල සමාජ මාධ්‍ය වල කථා බහට ලක්වෙමින් තිබේ.

ඒ් ගැන ගැන කදිම සටහනක් තබා ඇති news19 වෙබ් අඩවියට අනුව මෙහිදී ජනාධිපතිවරයා රුවන්වැලි සෑයට පූජාකළ දෑ අතර 2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත මගින් වදවීමේ තර්ජනයට මුහුණදී ඇති බවට නම් කර තිබෙන රත් දෝතළු මලක්ද ඇතුළත්ව තිබෙන අයුරු දක්නට ලැබුණ බව සදහන්ය.

වැඩිදුරටත් ඒහි මෙසේද සදහන් වේ .

රත් දෝතලු හෝ රන් දෝතලු (Loxococcus rupicola) ලෙස හැදින්වෙන මෙම මල ‘දෝතළු’ ශාඛයෙහි හටන්නා මලයි.

245796894 718820849038623 5487971958143942266 n
රන් දෝතලු (Loxococcus rupicola)

සබරගමුව ආශ‍්‍රිත වනාන්තර හා ගෙවතුවල මෙම ශාකය ස්වාභාවිකව හමුවන අතර ශ‍්‍රී පාද අඩවියෙහි වැඩි වශයෙන් දක්නට ලැබෙනවා.

මීටර 5 -12 පමණ උස සිහින් කඳකින් යුත් මෙම ශාකය බීජ මගින් ව්‍යාප්ත වන අතර පැළ, පැළවීමේ ප‍්‍රතිශතය අඩු නිසා ව්‍යාප්ත වීම සීමා වී තිබෙනවා.

එම නිසා දෝතලු ශාඛය 2012 රතු දත්ත ලැයිස්තුවෙහි වඳවී යෑමේ තර්ජනයට ලක්වූ ශාඛ විශේෂයක් ලෙස වර්ගීකරණය කර තිබෙනවා.

මෙම ශාකයට සිදුවන ප‍්‍රධානම හානිය වන්නේ මිථ්‍යා විශ්වාස නිසා රත් දෝතළු මල් විවිධ පූජාවන්ට යොදා ගැනීමයි.

ඇතැම් පුද්ගලයින් විසින් විවිධ භාර හාර ඉටුකිරීම සඳහා ශ‍්‍රීපාදස්ථානය, රුවන්වැලි සෑය, කැළණි විහාරය මුල්කරගනිමින් මහා පූජාවන් ලෙස මෙම මල් පූජාවන් සිදුකරනවා.

දෝතලූවල ඇති වඳවීයෑමේ හැකියාව නිසා 2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත මගින් VIII උපලේඛනය යටතේ ආරක්ෂිත ශාක නාම ලේඛනයට ඇතුළත් කොට තිබෙනවා.

ඒ අනුව මෙම ශාකය හෝ ශාකයේ කොටසකට හානිදායක යම් ක‍්‍රියාවක් කිරීම, විකිණීම හෝ විකිණීම සඳහා ප‍්‍රදර්ශනය කිරීම මුළුමනින්ම තහනම් වනවා.

241278332 718820859038622 6153081884382920227 n

එම තහනම පෞද්ගලික දේපලක තිබෙන ශාකයකට පවා අදාළ වන ලෙස පනත සකස් කොට තිබෙනවා.

මෙම දෝතලූ ශාකයේ ඇති වටිනාකම නිසාම 2020 මාර්තු 03 වන දින වෙළෙඳාමෙන් තර්ජනයට ලක්වූ වන විශේෂ මුද්දර කාණ්ඩය යටතේ රත්දෝතලූ මලක් ඇතුළත් මුද්දරයක්ද නිකුත් කෙරුණා.

1979.03.26 දින නිකුත් කරන ලද මෙරට ආවේණික ශාක හා සතුන් නිරූපණය වූ මුදල් නෝට්ටු කාණ්ඩයෙහි රුපියල් 100 නෝට්ටුවටද දේතලු ශාකයේ රූපයක්ද එක් කර තිබෙන්නේ එම ශාඛය රැකගැනීමට ඇති ජාතික අවශ්‍යතාවය නිසයි.

මුලාශ්‍රය –News19 වෙබ් අඩවිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here