එක රටක් ! නීති ගොඩක් ! මීගමුවේ මඟුල් පුජාවක් !අත්සන් කලේ නගරාධිපති .

0
189

රට තුල ක්‍රියාත්මක නීතිය හැමවිටම මිගමුවේදි නැමෙන බවට යළිත් උදාහරණ මතුවෙමින් තිබේ. එනම් රටේ පවතින අවදානම් තත්වය සලකා මංගල උත්සවද ඇතුළු සියළු උත්සව පමණක් නොව ආගමික වතාවත් පැවැත්විම්ද සති කිපයකට අහෝසි කර තිබියදි ඊයේ (06) දිනයේ මිගමුව වැල්ලවිදිය දේවස්ථානයේදි මඟුල් පුජාවක් පවත්වා ඇති අතර එහි සාක්ෂි අත්සන් කිරිම සදහා සහභාගිව සිට ඇත්තේ මිගමුවේ ප්‍රධාන පුරවැසියා වන නගරාධිපති දයාන් ලංසා බවද වාර්තා වේ.

මේ විවාහල මංගල පුජාව මිගමුව මහනගර සභා සේවිකාවගේ බවද පැවසේ. මිගමුව තුල තවත් බොහොමයක් දෙනා මැයි මාසයේ යොදාගෙන තිබුන විවාහ මංගල දිව්‍ය පුජා පවත්වාගැනිමට නොහැකිව ලතවෙමින් සිටියදි මිගමුවේ ප්‍රධාන පුරවැසියා රටේ නීතියද කඩමින් නමමින් කටයුතු කරන ආකාරය යළි යළිත් රටටම පෙන්වා දෙමින් සිටි