එක රටක් ,නීති ගොඩක් !AVENRA එකේ දහස් ගණන් රැස්වු සැණකෙලියක් ?කෝ මේ අජිත් රෝහණ …..

0
350
169538292 3967137296658572 1941563557022749385 n
171186653 3967139013325067 7216092983464771216 n

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ලංකාවේ තෙවන රැල්ල මැයි මාසයේදි යැයි අනතුරු අගවමින් සිටිති.
මේ අතර මේ උත්සව සමයේ සෞඛ්‍ය නිති අකුරටම පිළිපදින්නට යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක දිනපතාම බණ කියනවා සේ මාධ්‍ය ඔස්සේ කියා ප්‍රචාරය කරයි
නීති කඩන්නේ නම් තරාතිරිම නොබලාම දඩුවම් දෙන බවද අජිත් රෝහන කියයි .
එක් රටක් එක නිතියක් යනුවෙන් වු කථා දැන් එහෙම පිටින්ම ජෝක් එකක් වි හමාරය.
දැන් කියන්නට ඇත්තෙ එක රටක් නීති ගොඩක් යැයි කියාය.

170592671 3967138049991830 5413356412887823172 n
170281659 3967138286658473 4168590091023621360 n
170103840 3967137779991857 3285053354089653175 n


අජිත් රෝහණලාගේ නිරෝධායන බයිලා එසේම තිබියදි දින 3 ක් පුරාවම මිගමු කටාන ඇවෙන්ඩ්‍රා හෝටලයේදි දැවැන්ත සැණකෙලියක් පවත්වා තිබේ.
එයට සහභාගිව සිටි පිරිස දහස් ගණනකි.
අඩුවම තරමින් පාරේ පවා යන්නට බැරි ගානට සෙනගයැයි ඒ හරහා ගමන් කළ ජනයා චෝදනා කලෝය.
ජිප්සිස් සංගිත කණ්ඩායම එක්වු දැවැන්ත සංගිත සැදැවක්ද ඊයේ පැවැත්වුන අතර ඒ සමගින් ආහාර සැණකෙලිය ජයටම පැවැත්වි ඇත
මාස් නැති , මිටරේ නැති , කුමර කුමරියයන් නිරෝධායන නිති බල්ලට දමා සැප ගත් සැටි ෆේස් බුක් පිට අතර සැරසරයි
කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා මේ සැණකෙලියට අවසර දුන්නා නම් කටාන පැත්තේ දැන් මළගෙවල් මඟුල් ගෙවල් ඇතුල අවුරුදු සාදවලට කිසිදු සිමාවක් පනවන්නට ඔහුට බැරි බව නම් ඉතා පැහැදිලිය.

MOH Dr.laxman

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි් ලක්ෂ්මන් විජේසුරිය

මේ සම්බන්ධයෙන් අප කටාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයාගෙන් වෛද්‍ය ලක්ෂමන් විජේසුරියගෙන් විමසා සිටියේ දහස් ගණනක් එක්ව සිටි සැණකෙලියට අවසර ලබා දි තිබුනේද යන්නයි.
එහිදි ඔහු කියා සිටියේ සෞඛ්‍ය ආරක්ෂිතව එය පැවැත්විමට අවසර ලබා දි තිබුන බවය.
අප ඔහුගෙන් විමසා සිටියේ එහිදි කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමයක් අනුගමනය කර නැති බව ඉතාමත් පැහැදිලි වුවද ඒවා නිරික්ෂණය කිරිම සදහා ඔහු විසින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් යොදවා තිබුනේ ද යනුවෙනි.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ලක්ෂමන්ගේ පිළිතුර හරි සරලය.
නැ අපි දැම්මේ නැ. මොකද අපට කව්රුත් පැමිණිලි කරල නැනේ ඒ හින්ද අප මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කිසිවෙකුත් අවැසි නිරික්ෂණ සදහා යෙදුව්වෙ නැ.
පිලිතුරු එපමණය.


ඔහුද ජොලියට බර අයෙකු නිසා මේ දැවැන්ත සැණකෙලියට අදාල අජිත් රෝහණලාගේ බණ පද පයිසෙකට ගණන්නොගත්තා දැයි අප නොදනිමු..
කෙසේ වෙතත් කටාන සෞඛ්‍ය ලොක්කන්ට නම් දැන් නිරෝධායන නිති ගැන කතා කිරිමට නම් බැරි බව ඉතා පැහැදිලිය.
දැන් ඒ අයට ඉන්නට සිදුව ඇත්තේ ගල උඩ කැත තළ බළලුන් ගානටය.

දැන් වෛද්‍ය ලක්ෂමන්ට කරන්නට ඇත්තේ මේ දැවැන්ත සැණකෙලිය ගැන දහස් ගණනින් ෆේස් බුක් පිටු අතර මුදා හැර ඇති පින්තුරු කිපයක් පරික්ෂා කර බැලිමය.
එවිට ඔහු විසින් සෞඛ්‍යාරක්ෂිතව කරන්නට යැයි දුන් අවසරය ඇවෙන්ඩ්‍රා ලොක්කා විසින් පිලිපැද ඇති අන්දම කදිමට පැහැදිලි වනු ඇත.

කිසිදු සෞඛ්‍ය නිති රෙගුලාසියක් අනුගමනය නොකළ මේ සැණකෙලිය සැබැවින්ම ස ර්ටත් එල්ල කළ පැහැදිලි කනේ පාරකි.
සර් ට රට ගැන කිසිදු පාලනය නැතැයි කියන්නට තවත් නිදසුන් ද අවැසි නැත.
ඒ තරම් නිරෝධායන නිති කටානේදි මේ දින 3 ට ජෝක් වි හමාරය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here