විභාගයක් පැවැත්වෙන අවස්ථාවක කිසිදු බාහිර පුද්ගලයෙකුට විභාග ශාලා පරිශ්‍රයක් තුල සිටිමට නීතියේ කිසිදු ඉඩක් නැත.තතු එසේව තිබියදි පසුගියදා රටටම ප්‍රසිද්ධ වි තිබුනේ කතෝලික පියතුමෙකු විදුහල්පතිධුරය දරන මිගමුවේ සා.මරියා විදුහලේ විභාග ශාලා පරිශ්‍රය තුල පුද්ලගයන් කිපදෙනෙකු සිට ඇති බවය.
මේ එක් අයෙකු දැනට විභාග අක්‍රමිකතා චෝදනා ලැබ සිටින විදුහල්පති පියතුමාගේ රියදුරාය. අනෙක් තැනැත්තා වන්නේ විදුහල්පති පියතුමාගේ කුපක්‍රට විභාග අක්‍රමිතා සිදුවිමට සහයට ඩැනි කෙනෙකු ලෙසින් පැමිණ සිටි සරසවි සිසුවෙකි.
එහෙත් අරුමය වන්නේ පොලිසිය හෝ විභාග දෙපාර්තමේන්තු බලධාරින් විසින් මේ බරපතල නිති විරෝධි ක්‍රියාව සිදුකළ අය අත්අඩංගුවට ගැනිමක් සිදුනොකර නිදහස් කර යවා තිබිමයි.
ඒ ඇයිද යන ප්‍රශ්ණය මේ වන විට බරපතලව මතුව තිබේ.
මෙසේ එක රටක නිති දෙකක් තිබිය නොහැකි වුවද විදුහල්පති පියතුමාට ඇති දේශපාලන බලපුලුවන්කාරකම් නිසා නිතිය මෙසේ දෙකට නවා ඇති බව දැන් පැහැදිලිවි තිබේ